Colombo Today Local News

මන්ත්‍රීවරුන්ගේ තොරතුරු 20 පෙර ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මහ ලේකම් ඉල්ලයි

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය තොරතුරු ලබාදීමට ලබාදී තිබූ කාලය අදින් (15) අවසන් වේ.

පාර්ලිමේන්තුවට තේරීපත් වී මෙතෙක් සිය තොරතුරු ලබා දී නොමැති සියලු මන්ත්‍රීවරුන් අද දිනයේ අදාළ තොරතුරු ලබාදීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

රට තුළ පවතින කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මන්ත්‍රිවරුන්ගේ තොරතුරු ඔන්ලයින් ක්‍රමය මගින් ලබා ගැනිමට පසුගියදා තීරණය කළේය.

ඒ අනුව, පසුගිය 11 වනදා සිට ඔන්ලයින් ක්‍රමය යටතේ අදාළ තොරතුරු ලබා ගැනිම ආරම්භ කළ බව මහ ලේකම්වරයා සඳහන් කළේය.

එහෙත් ඊයේ (14) දිනය වන විට අදාළ තොරතුරු ලබාදී ඇත්තේ මන්ත්‍රීවරුන් 190 දෙනෙකු පමණ බව ද පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

ලබන 20 වනදා මන්ත්‍රීවරුන් දිවුරුම්දීමට නියමිතව ඇති අතර ඊට අදාළ තොරතුරු අත්‍යාවශ්‍ය වන බව ඔහු පවසයි.

එබැවින් සිය තොරතුරු මෙතෙක් ලබාදී නොමැති මන්ත්‍රීවරුන් අද දිනය තුළ තොරතුරු ලබාදීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා දැනුම් දෙයි.

Related posts

‘කුණුහරුපෙන් බැන සමාව ගත් නිසා, හරීන්ට සමාව දෙනවා‘ – කථානායක

colombotoday

මෙරට පුරවැසියන්ට සමෘද්ධිය අත් කරදීම සහතික කළ යුතුයි – ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති

Admin

මාවනැල්ලේ ගල් කොරියක පුපුරණ ද්‍රව්‍ය අතුරුදන්වීම අධීක්ෂණයට විශේෂ නිලධාරියෙක්

colombotoday

පුවතක් ගැන ප්‍රශ්න කරලා මාලිමාවෙන් මාධ්‍යවේදියාට පහර දීමක්

Admin

යුද්දයට මැදි වූ ජනතාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

Admin

“එක රටක්-එක නීතියක්” සාක්ෂාත් කරගැනීමට, ඇමතිවරුන් වන ජී.එල් පීරිස්, සරත් වීරසේකර සහ අලි සබ්‍රි ගේ සහාය.

colombotoday