World

ආනයනය කළ කුකුල් මස් සහ ඉස්සන් මත තිබි කොරෝනා වෛරසය හමුවූ බව චීන බලධාරින් කියයි

චීනයේ නගර දෙකක් වෙත ආනයනය කරන ලද ශිතකළ ආහාර ද්‍රව්‍ය මත තිබී නව කොරෝනා වෛරසය හමුවූ බව එරට බලධාරින් සඳහන් කර සිටියි.

බ්‍රසීලයේ සිට ආනයනය කරන ලද ශීත කළ කුකුළු මස් වල හා ඉක්වදෝරයෙන් ආනයනය කළ ශීත කළ ඉස්සන් ඇසුරුම් පරීක්ෂා කිරීමේදී ද මෙලෙසකොරෝනා වෛරසය සොයා ගත් බවයි චීනය සඳහන් කළේ.

චීනයේ දේශීය රෝග පාලන මධ්‍යස්ථානය විසින් එම ආහාර තොගයෙන් ලබාගත් මතුපිට සාම්පල පරීක්ෂා කිරීමේදී මේ බව තහවුරු කර ගෙන ඇත.

ආහාර සුරක්ෂිතතා අවදානම තක්සේරු කිරීමේ චීන ජාතික මධ්‍යස්ථානය පසුගිය ජුනි මාසයේදි කියා සිටියේ ශීතකළ ආහාර මගින් වෛරසය ආසාදනය වීමේ හැකියාව බැහැර කළ නොහැකි බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයද දිගින් දිගටම කියා සිටියේ ශීතකළ ආහාර මතින් කොරෝනා වෛරසයේ ව්‍යාප්තියක් සිදුනොවන බවයි.

කෙසේ වෙතත් මෙම තත්ත්වය යටතේ ආහාර අපනයනයේදී වඩාත් සැලකිලිමත් විය යුතු බව චීන බලධාරීන් සඳහන් කර සිටියි.

සෙල්සියස් අංශක සෘණ 20ක උෂ්ණත්වයක් යටතේ වසර 02ක පමණ කාලයක් යන තෙක් කොරෝනා වෛරසය නොනැසී පැවතිය හැකි බවත් කොරෝනා වෛරසය ශීත කළ ආහාර හරහා පැතිර යා හැකි බවට මෙතෙක් ප්‍රබල සාක්ෂි හමුවී නොමැති බව විද්‍යාඥයින් මිට පෙර සඳහන් කර සිටියා.

Related posts

හමාස් සංවිධානය භාවිත කළ තවත් උමං ජාලයක් සොයා ගනී

Admin

තවත් මාධ්‍යවේදියෙකු වෙඩිතබා ඝාතනය කෙරේ

colombotoday

නිවුන් සොහොයුරියන් කොවිඩ් නිසා එකටම අවසන් ගමන් යයි

colombotoday

ISIS ප්‍රහාරයකින් සිරියාවේ 22ක් මරුට 100 ක් අසාධ්‍ය තත්වයෙන් රෝහලේ

colombotoday

යේමන ඇමති මණ්ඩලය ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාරයක්

colombotoday

ඉස්ලාමික ත්‍රස්තවාදීන්ගෙන් මොසුල් නගරයට රසායනික අවි ප්‍රහාරයක්

colombotoday