Colombo Today Local News

රිය අනතුරකින් මවක සහ දියණියක මරුට

දොම්පේ, සමනබැද්ද මල්වාන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් මවක සහ දියණියක ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මල්වාන දෙස සිට සමනබැද්ද දෙසට ධාවනය වූ මෝටර් රථයක් එහි රියදුරුට පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

යතුරුපැදියේ ගමන් කළ කාන්තාවක් හා ඇයගේ දියණිය අනතුරින් බරපතළ තුවාල ලබා දොම්පේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දෙදෙනාම මිය ගොස් තිබේ.

එසේ මිය ගොස් ඇත්තේ වැලිකැටිය, වෙල්ගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි මවක් හා 19 හැවිරිදි ඇගේ දියණිය බව පොලීසිය සඳහන් කරයි.

Related posts

ශ්‍රීලනිප 16 කණ්ඩායම අද විපක්ෂයට… විශේෂ ප්‍රකාශයකුත් සූදානම්

colombotoday

කුරුන්දි විහාරයට අයිති නැති ඉඩම් ජනතාවට පවරා දීම ගැන මේධානන්ද නා හිමියන්ගෙන් ජනපතිට ලිපියක්

Admin

එජාපයේ උඩුනුවර අයවැය පරාජය වෙයි

colombotoday

අපරාධ නඩු විශේෂ විධිවිධාන ක්‍රියාත්මක වීම් දීර්ඝ කරයි

colombotoday

මම හදන වරායන් මගේ නමින් නම් කරන්නේ නෑ

Admin

මරික්කර්ගේ හිතේ සිංහලයන් නෑ – මිනිස්සු අත වනද්දී මුස්ලිම් ජනතාව විතරක් බේරාගෙන

colombotoday