Colombo Today Local News

චීනයේ කිනිතුල්ලන් ගෙන් ව්‍යාප්තවන තවත් වෛරසයක්… 07ක් මරුට

කිනිතුල්ලන් විශේෂයකින් බෝවන වෛරසයක් සම්බන්ධයෙන් චීනය අනතුරු අඟවා තිබේ.මෙම වෛරසයෙන් මේ වන විට චීනයේ පුද්ගලයින් 07 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 60 දෙනෙකු පමණ සොයා ගෙන ඇති අතර මෙම වෛරසය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඇති බවයි චීනයේ මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෂෙජියැන්ග් විශ්ව විද්‍යාලය යටතේ පිහිටා ඇති අනුබද්ධ රෝහලේ වෛද්‍යවරයෙකු සඳහන් කළේ මෙම වෛරසය රෝගීන්ට රුධිරය හෝ ශ්ලේෂ්ම මගින් ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින බවයි.

මේ හේතුවෙන් වෛරසය සම්බන්ධයෙන් මහජනතාව නිසි අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බවයි එම වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ත්‍රෛනිකායික මහා නාහිමිවරු හදිසියේ රැස්වෙති !

colombotoday

ශ්‍රී ලංකා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අන්ත දූෂිතයි – UN හිටපු ප්‍රධානියෙක් හෙළිකරයි…

colombotoday

සන්නස්ගලට නොතීසි

colombotoday

ඩඩ්ලි සිරිසේන රටින් පිටවෙයි

Admin

යුධ හමුදාපතිවරයාව මානව හිමිකම් කොමිසමට කැඳවයි. වරද මුලතිව් හී 64 සේනාංකය පන්සලක් ඉදිකිරීම

colombotoday

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

Admin