Colombo Today Local News

තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙක් ලෙබනනයේ රෝහල්වල

ලෙබනනයේ බේරූට් හි සිදු වූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 08 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ අදාළ පිරිස මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවය.

පසුගිය ඉරිදා (04) ලෙබනනයේ බේරූට් අගනුවර වරායේ ගබඩාවක තිබූ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750ක් පිපිරීමෙන්  පුද්ගලයින් 135 දෙනෙකු මියගොස් තවත් 4000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

අදාළ පිපිරීමෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ නිවාසවලට ද හානි සිදුව ඇති බවයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.

පිපිරීම හේතුවෙන් බේරුට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ තානාපති කාර්යාල නිලධාරින්ගේ නිවාසවලට සුළු හානි සිදුව තිබේ.

නමුත් කිසිදු තානාපති කාර්යාල නිලධාරියෙකු තුවාල ලබා නොමැති බව වාර්තා වේ. ලෙබනනගේ ශ්‍රී ලාංකිකයින් 25,000ක් පමණ ජීවත් වේ.

ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා බේරුට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය විවෘතව පවතී.  

දුරකථන අංකය – +961 5769585

විද්‍යුත් තැපැල් ලිපිනය – slemb.beirut@mfa.gov.lk

Related posts

විද්‍යා ඝාතන නඩුවේ තීන්දුව අද.. අධිකරණය අවට ආරක්ෂාව දැඩි කරයි !

colombotoday

තේරීම් කාරක සභාව පිලිබඳ ගැටලුවට නිත්‍යානුකුල පිළිතුර ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද පහදයි

colombotoday

ඡන්දයක් පැවැත්වූවොත් පරාජයට පත්වන බව ශෂීන්ද්‍ර රාජපක්‍ෂ කියයි.

colombotoday

චමින්ද, තිස්ස කුට්ටිආරච්චි මැති සබයෙන් පන්නයි

colombotoday

මිරිහානේ සිද්ධියේ විමර්ශන සී.අයි.ඩීයට

colombotoday

මහෙන්ද්‍රන් පන්නනු, කොළඹ විරෝධතා..රෝහිත අබේගුණවර්ධන බැරියරයක හිරවී රෝහලේ

colombotoday