Colombo Today Local News

මනාප ප්‍රතිඵල 6 වනදා මධ්‍යම රාත්‍රියට පෙර අවසන් ප්‍රතිඵල 7 වනදා මධ්‍යම රාත්‍රියට පෙර

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල 6 වනදා මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මනාප ප්‍රතිඵල ද 7 වනදා මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට හැකිවනු ඇති බවට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි.

මෙවර මහ මැතිවරණයට අදාළව ගම්පහ දිස්ත්‍රික්කයේ සූදානම පිළිබඳ සොයාබැලීමට නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා එසේ පැවසීය.

“අගෝස්තු 10 වන දා වනවිට සියලු ම ගැසට් නිවේදන දෙන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රතිඵල දෙන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා 6 වනදා මධ්‍යම රාත්‍රියට පෙර, මනාප ප්‍රතිඵල 7 වනදා මධ්‍යම රාත්‍රියට පෙර. ඒ ප්‍රතිඵල ගැසට් කරන්න පුළුවන් අපිට 08 වනදා වෙද්දි. ඒ වගේම ජාතික ලැයිස්තුව 09 වනදා ආවෝත් 10 වනදා ගැසට් කරලා ඒක ඉවර කරනවා.” යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

මොණරාගල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

බැඳුම්කර මගඩියෙන් මහපොළ අරමුදලේ මිලියන 440 කට විදලා…

colombotoday

දකුණේ ඝාතන රැල්ල මඩලන්න විශේෂ කණ්ඩායම් කිහිපයක් – අජිත් රෝහණ

colombotoday

ඥානසාර හිමිගේ ආරක්ෂාව බන්ධනාගාරයට ප්‍රශ්නයක්

colombotoday

සමගි ජන බල වේගයට නව මුහුණු කිහිපයක්

Admin

වාසියට පමණක් කට ඇරෙන හෙළ උරුමේ පූස් පැටියෙක් ගැන මධු මාධව කියයි

colombotoday