Colombo Today Local News

මැතිවරණ නීති උල්ලංඝනය කල පුද්ගලයින් 440දෙනෙකු අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 440දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (03)දින පෙරවරුවේ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුව අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ අපේක්ෂකයන් 07දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවය.

නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් රජයේ වාහන 3ක් ඇතුළු රථවාහන 124 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 264 ක් සහ අපරාධ වැරදි සම්බන්ධයෙන් පැමිණිලි 93 ක් මේ වන විට ලැබී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

ඉන්දීය භාණ්ඩ කන්ටේනර් 1,237 ක් නිදහස් කරන්න සියල්ල සූදානම්

colombotoday

බොරැල්ල කනත්තෙන් ගොඩ එන මළ මිනී

colombotoday

පෙම්වතාට වයස 40යි, පෙම්වතියට 11යි. රූම් ගිහිං එද්දී පොලීසියට මාට්ටු. | පෙම්වතා බන්ධනාගාරයට, දැරිය පරිවාස භාරයට.

colombotoday

එක්ටා සහ අගමැති රනිල් හරහා එලියට එන්නේ ඉන්දියාවේ දේශපාලන උවමනාවයි! – ජවිපෙ

colombotoday

අති විශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් වෙයි…

colombotoday

ආණ්ඩුවේ ඡන්ද රැස්වීම්වලට සෙනග අදින්න ලංගම බස් – මැකො. ට පැමිණිලි

colombotoday