Colombo Today Local News

පොළොන්නරුව බන්ධනාගාරය තුළට ගංජා විසි කල තරුණයකු අල්ලයි

පොළොන්නරුව බන්ධනාගාරය තුළට ගංජා හා දුම්කොළ විසි කරන ලද සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (30)දින උදෑසන 11.30ට පමණ මෙම සැකකරු බන්ධනාගාර නිලධාරීන් බාරයේ සිටින බවට පොළොන්නරුව පොලීසියට කරන ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු විසින් ගංජා ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 590ක් හා දුම්කොළ ග්‍රෑම් 56 මිලිග්‍රෑම් 150ක් බන්ධනාගාරය තුළට විසිකර තිබිය දී සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22 ක් වු ඇතුමල්පිටිය, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (31)දින පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පොළොන්නරුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා 98% බෙදා අවසන්

colombotoday

එජාප සන්ධානයේ නම – ලකුණ අද

colombotoday

මේජර් ජෙනරල් ශවේන්ද්‍ර ට සේවා දිගුවක්… මීළග හමුදාපතිත් ඔහුයි !

colombotoday

ආණ්ඩුව ගැන ඒකාබද්ධ විපක්ෂයට සැකයක් !

colombotoday

පාසලක හදිසියේ අසනීප වූ සිසුන් 42ක් රෝහලට

colombotoday

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නාමල්

Admin