Colombo Today Local News

නාමල්ගේ ඔරලෝසුව ලක්‍ෂ 65යි ආසියාවේ ධනවත්ම පවුල රාජපක්‍ෂ පවුලයි- සුජීව සේනසිංහ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ඔරලෝසුවක වටිනාකම ලක්ෂ 65 ක් බව සමගි ජන බලවේගයේ අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසයි.

තවත් ඔරලෝසුවක් ලක්‍ෂ 54ක් බවත් නාමල් රාජපක්ෂ මහතාට එවන් ඔරලෝසු 30ක් පමණ ඇති බවත් ඔහු කියා සිටියේය.

අද රාජපක්ෂ පවුල ආසියාවේ ඉන්න පොහොසත්ම පවුල බවට පත්වී ඇති බවද ඔහු පැවසීය.

අද නාමල් රාජපක්ෂ මහතා පදිංචි වී සිටින්නේ කොළඹ හතේ නිවසක බවත් එය ලක්ෂ 3000කට වඩා වටිනා බවත් සේනසිංහ මහතා සදහන් කළේය.

සමගි ජන බලවේගයේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

ලියාපදිංචි නොවූ රාජ්‍ය නොවන සංවිධාන තහනම්

Admin

බිත්තර වලට යළි උපරිම මිලක්

Admin

ජනපති කියූ පරිදිම කරයි..! (පළාත් සභා) ඇමති සංශෝධනයක් කර පෙන්වයි…

colombotoday

රනිල් මාධ්‍යට තර්ජනය කළේ නෑ… මාධ්‍ය නිදහස දැන් උපරිමයි – චම්පික

colombotoday

“උපන්දා සිට කරපු පව් නැත වරක් ගොඩ වුණොත් සිරිකොතේ“ – FCID ඉදිරිපිට විරෝධතා

colombotoday

ජනවාරි මස පළමු වනදා සිට සිනමා ශාලා විවෘත වේ.

colombotoday