Colombo Today Local News

කන්දකාඩු කොරෝනා රෝගියෙකු IDH රෝහලෙන් පැන යයි.. මහජනතාව විමසිලිමත් වන්න

කොරෝනා ආසාදිතව කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් අද අළුයම රෝහලෙන් පැන ගොස් තිබේ.

ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් රඳවා සිටි දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකි.

ත‍්‍රිකුණාමලේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා හතළිස් එක් හැවිරිදි අයෙක් බවද පොලිසිය සඳහන් කරයි.

මෙම පුද්ගලයා අපරාධ කිහිපයක් සඳහා අවශ්‍ය කරන සැකකරුවකු බවත් ඔහු ඇවිදින විට වම් පාදය කොර ගතියක් ඇති බව ද පොලිසිය කියා සිටී.

මොහු සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් පහත සඳහන් දුරකතන අංකවලට ලබා දෙන පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

119
071 8 591 017
071 8 592 290
071 8 591 864

මෙම පැන ගිය රෝගියා සොයමින් ආරක්‍ෂක අංශ 100ක පමණ පිරිසක් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

Related posts

නැවත කොරෝනා වැළදුණු කාන්තාවගෙන් වෛරසයේ බෝවීමක් නෑ

colombotoday

අපට අවශ්‍ය ණය නොවේ.. ආයෝජනයි.. ජනපති චීන තානාපති හමුවේ කියයි

colombotoday

රටේ නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට රජය මැදිහත්වෙනවා

colombotoday

රුධිර ප්ලාස්මාව අපනයන කිරීමේ මගඩියක්…

colombotoday

විල්පත්තු සංහාරය ගැන ජනපති ගත් දැඩි තීන්දුව මෙන්න !

colombotoday

උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජන බලවේගයෙන් විශ්වාසභංග යෝජනාවක්

colombotoday