Colombo Today Local News

ඡන්ද විමසීමේ කාලසීමාව තුළ දී රාජ්‍ය නිලධාරීන් සෘජු දේශපාලන කටයුතුවලින් ඈත්ව සිටින්නැයි මැතිවරණ කොමිෂම දන්වයි

ඡන්ද විමසීමේ කාලසීමාව තුළ සියලු රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති සෘජු දේශපාලන කටයුතුවලින් ඉවත්ව සිටිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැඩිව අවධාරණය කර තිබේ.

දේශපාලන අයිතිය හිමි වුව ද අහිමි වුව ද මැතිවරණ රාජකාරීවලට සෘජුවම දායකත්වය දක්වන රාජ්‍යය සේවයේ නියුතු සියලු පාර්ශව දේශපාලන කටයුතුවලින් බැහැරවිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම්දී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව සඳහන් කර ඇත.

මෙහිදි ඔවුන් පෙන්වාදී ඇත්තේ මැතිවරණයට අදාළව අපේක්ෂකයින් විසින් සංවිධානය කරනු ලබන උත්සව සඳහා වෘත්තීය සමිති නායකයින් ලෙස මෙන්ම දේශපාලන අයිතිවාසිකම් සහිත නිලධාරීන් ලෙස මාණ්ඩලික නිලධාරින් සහභාගී වී ඇති බවට කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇති බවය.

මේ සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

කෙසේවෙතත් සියලු රාජ්‍ය නිලධාරීන් මෙවැනි උත්සවවලට සහභාගී නොවී සිටීමට වගබලා ගත යුතු බව ඔවුන් සඳහන් කළේය.

මේ අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

Related posts

ආර්ථික අර්බුදය ජය ගැනීමට සහය වනවා.. නමුත් ප්‍රකාශනයේ සහ රැස්වීමේ නිදහස තිබිය යුතුයි – යුරෝපා කොමිසම

colombotoday

අත්අඩංගුවට ගත් බුද්ධි අංශයේ කොමාන්ඩර් රණසිංහ මරාගෙන මැරෙන ඇදුම් සහ බෝම්බ 51ක් සොයා ගත්තෙක්

colombotoday

මන්ත්‍රී ප්‍රේමලාල් ඇප මත නිදහස්

colombotoday

ETCA අවසන් තීන්දුවට, භල්ලා ලංකාවට !

colombotoday

මාලි ත්‍රස්තයන්ගේ බෝම්බ ප්‍රහාරයක් ශ්‍රී ලංකා හමුදාවෝ ව්‍යාර්ත කරති

colombotoday

ජනවාරි 01 සිට රුධිර පරීක්ෂණ රජයේ රෝහලෙන්ම පමණයි !

colombotoday