Colombo Today Local News

නිරෝධායන මධ්‍යස්ථාන පිරී යයි

මෙරට තුළ පිහිටා ඇති සියලුම නිරෝධායන මධ්‍යස්ථානය මේ වනවිට පිරී ගොස් ඇති බව ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි.

ඒ අනුව විදේශගත ලාංකිකයන් ගෙන්වීම තවදුරටත් කල් යන බවත් එය තවත් සතියකින් පමණ ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවත් ඔහු පවසයි.

ලාංකිකයන් විශාල පිරිසක් මෙරට ආපසු ඒමට බලාපොරොත්තුවෙන් ඉල්ලුම් කර ඇති බවද ඔහු කියා සිටියේය.

නමුත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ කොරෝනා පොකුර හේතුවෙන් ඔවුන් ඇසුරු කළ විශාල පිරිසක් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වල යොමු කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඒ අනුව විදේශ රට වල සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් හා යුද හමුදාවේ උපදෙස් මත පියවර ගන්නා බවද ඔහු තවදුරටත් පැවසීය.

Related posts

පාරම්පරික වෛද්‍ය ක්‍රමයට හානි වන කිසිවක් ආයුර්වේද පනතේ නැතැයි ඇමතිගෙන් සහතිකයක්

Admin

අධිකරණ ඇමතිගෙත් ආචාර්ය පට්ටම පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කරයි

Admin

නීති විරෝධී ගිනි අවි සොයා දිවයින පුරා මෙහෙයුම්

Admin

සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Admin

ගංවතුරට ගසා ගිය පුද්ගලයෙකු අතුරුදන්

Admin

වර්ගවාදී ආණ්ඩුව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දරුණු පහර දීමක් කළා..

colombotoday