Colombo Today Local News

කන්දකාඩු පොකුර සම්පූර්ණයෙන්ම පාලනය කරයි

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය කොරෝනා වෛරසය පැතිරයාම මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වී ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එම මධ්‍යස්ථානයේ පිරිස් බැලීමට ගිය ඥාතීන්ගේ ආශ‍්‍රිතයන් පවා මේ වන විට නිරෝධායනයට ලක්කර ඇති බවත් තවත් සුළු පිරිසකගේ කොරෝනා පරීක්ෂණ වාර්තා ලැබීමට ඇති බවත් ඔහු පැවසීය.

එම වාර්තාව ලැබීමෙන් පසුව තවත් සමාජය තුළ නිරෝරෝධායනට ලක් කළ යුතු පුද්ගලයන් ගැන තීරණයක් ගත හැකි බවද ඔහු සඳහන් කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තත්වය දෙවැනි රැල්ලක ලක්ෂණ පෙන්නුම් නොකරන බවයි.

වෛරසය එම මධ්‍යස්ථානය ව්‍යාප්තිය පාලනය කිරීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

එනිසා එම මධ්‍යස්ථානයෙන් රෝගය පැතිරී යාමේ බහුල අවදානමක් නොමැති බවද ඔහු සඳහන් කළේය.

Related posts

සතොස සහල් වර්ග තුනක මිල අඩුකරයි

Admin

“ගිලෙන නැවකට ගොඩ වෙන්න මට පිස්සු නෑ…”

colombotoday

දිස්ත්‍රික්ක 2ක ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

colombotoday

අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව 20 සංශෝධනයට විරුද්ද වේ.. තදබල නිවේදනයක්

colombotoday

රට විවෘත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරෙමින් පවතී

colombotoday

ප්‍රභූන්ට අපහාස කරන පෝස්ට් ඉවත් කරන්න බැරිදි? – ෆේස්බුක් නියෝජිතයන්ට රජයෙන් යෝජනා

colombotoday