Colombo Today Local News

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර පතුරවන පුද්ගලයින් සොයන්න CIDයෙන් කණ්ඩායම් තුනක්

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරවන පුද්ගලයින් සොයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායම් 03ක් විමර්ශන ආරම්භ කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු වේ නිලධාරින් 26 දෙනෙකු එම විමර්ශන සඳහා යොදවා ඇති බවය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුර නිර්මාණය විමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර පැතිර යමින් පවතින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

යම් කරුණක් පිළිබඳ ජනතාව අතර අසන්තෝෂය ඇති කිරීම “දණ්ඩ නීති සංග්‍රහයේ 120” යන වගන්තිය අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව වසර 2ක කාලයක් බන්ධනාගාර ගත කළ හැකි බව ද පැවසු අජිත් රෝහණ මහතා, විශේෂයෙන් මෙවැනි පුද්ගලයින් දඩයකට ලක් කළ හැකි බව ද කියා සිටියේය.

එමෙන්ම නිරෝධායන නීතින් අනුව ද මෙය වැරැද්දක් වන බවත් පැවසු නියෝජ්‍ය පොලිස්පතිවරයා, සමාජ මාධ්‍ය තුළින් ප්‍රචාරය වන තොරතුරු නිල වශයෙන් ම සත්‍යය බව නොදන්නේ නම් තම ගිණුම්වලින් එම පුවත් බෙදා හැරීමෙන් වළකින්නැයි ද ඉල්ලා සිටියේය.

Related posts

ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් !

colombotoday

අන්තිමට ඉතිරි වෙන්නේ ‘රාජ පස්ස’ විතරයි

colombotoday

අරගල භුමියේ රාජ්‍ය විරෝධී කටයුතු සිදුකර NGO කල්ලි කෝටි ගණන් හම්බ කරයි.

colombotoday

කොටගල වෙළෙඳසැල් 3ක් ගිනි බත් වෙයි

Admin

හම්බන්තොට විහාරයකට ගිනි තබා පළා ගිහින් !

colombotoday

නිදහස් දා ඤාණසාර හිමියන් නිදහස් කරාවි – ශාන්ත බණ්ඩාර

colombotoday