Colombo Today Local News

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කරයි

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටි බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීයෙකු වන ඉමදූවගේ ඉන්දික සම්පත් නමැත්තා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කළේය.

ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය විසින් මෙම නියෝගය කරනු ලැබිය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින ඉමදුවගේ ඉන්දික සම්පත් නැමැත්තාට චෝදනා පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් සාක්ෂි මේ දක්වා ඉදිරිපත් වී නොමැති බව දන්වා සිටියේය.

Related posts

යුක්තිය මෙහෙයුමේදී තවත් 955ක් අත්අඩංගුවේ

Admin

දුම්රිය මගීන්ට අද සිට E-Ticket

Admin

ඇමතිකම මාරු වුණත් කිරිඇල්ල මධ්‍යම අධිවේගයට අරක් ගනී…

colombotoday

ඩයනාට එරෙහි පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

Admin

‘සේනා’ මර්දනයට පරපෝෂිතයෙක්

Admin

වාලම්පුරියක් සමඟ හිටපු යුද හමුදා සෙබලෙක් මාට්ටු

Admin