බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රිස්තියානි පාසලක් වන වරාගොඩ කැළණිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ දිගින් දිගටම පෝය නිවාඩු දිනවලදී දෙමව්පියන් සහ සිසුන් සදහා වැඩසටහන් සිදු කරන බව සදහන් වනවා.
මෙමගින් එම පාසලේ බෞද්ධ දරුවන්ට සහ දෙමව්පියන්ට තම ආගමික කටයුතුවල නිරතවීමට බාධා සිදුවන අතර අද දවසේත් පාසල් සංවර්ධන රැස්වීමක් කැදවා ඇතිබව සිසුවියකගේ පියෙක් අප වෙත සදහන් කර සිටියා.
දිගින් දිගටම සිදුවන මෙම ක්‍රියාව නිසා පාසලේ බෞද්ධ දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවයි දෙමව්පියන් සදහන් කරන්නේ.