Colombo Today Local News

කොටි සංවිධානයයේ ළමා සොල්දාදුවන් හිටියියේ නෑ.. පින්තූරවල ඉන්නේ රගපාන්න ගත්ත දරුවන්- කරුණා

කිසිදිනෙක කොටි සංවිධානය විසින් කුඩා දරුවන් සොල්දාදුවන් ලෙස භාවිත නොකළ බව එම සංවිධානයේ සන්නද්ධ නායකයෙකු සිටි කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් සඳහන් කරයි.

වයස අවුරුදු 18ට අඩු කිසිවකු එල්ටීටීඊ සංවිධානයට බඳවා ගැනීම නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් තහනම් කර තිබූ බවද ඔහු පවසයි.

ළමා සොල්දාදුවන් යැයි කියමින් ‍ප‍්‍රසිද්ධ වී ඇති පින්තූර තුළ සිටින්නේ සැබෑ ළමා සොල්දාදුවන් නොවන බවද පැවසූ ඔහු ඒවා තම සංවිධානය විසින් භාවිතා කරන ලද්දේ ප්‍රචාරණ කටයුතු සඳහා බව ද එහි සිටින්නේ යොදා ගත් ළමා නළුවන් බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පුද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

Related posts

පෙට්‍රල් නැවක් අද රෑ එයි

colombotoday

සුරක්ෂා අත්හිටවූයේ තාවකාලිකවයි… ඉදිරියේදී යළි ක්‍රියාත්ම කෙරේ !

colombotoday

ප්‍රතිඵල නිකුත් කිරීමේ යාන්ත්‍රණය අකර්මන්‍ය වීමෙන් මාධ්‍ය ආයතන අමාරුවේ

colombotoday

මහ කන්නයට කාබනික පොහොර ආනයනයට සැපයුම් කරුවන්ගෙන් අයදුම්පත් කැඳවයි.

colombotoday

“රටට අත නොතබනු” නුගේගොඩ බොදු සමුළුවේ විශේෂ අවස්ථා

colombotoday

’’මං දැකපු බොළඳම විපක්ෂ නායක’’

Admin