World

ජපානයේ කොරෝනා ගැන අනතුරු ඇඟවීමක්

ජපානයේ ටෝකියෝ නගරයෙන් තුන්වන දිනටත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සියයට අධික පිරිසක් වාර්තා වී තිබේ.

එම නගරයෙන් වෛරස ආසාදිතයින් 130 දෙනෙකු හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 19,068 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

රාත්‍රී කාලය තුළදී ආපනශාලා සහ වෙළඳසැල් විවෘත කිරීමට පියවර ගැනීමත් සමඟ වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබෙන බව සඳහන්.

ජපානය විසින් කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සීමාවන් පැනවීම සිදු නොකළහොත් තවදුරටත් ආසාදිතයින්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙනු ඇති බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දී තිබේ.

Related posts

පාපන්දු කණ්ඩායමක් රැගත් බස් රථයක් පාලමකින් පහළට පෙරළෙයි

Admin

ඉන්දියාවේ සහායත් ඊශ්‍රායලයට

Admin

නයීජීරියාවට පනවා තිබු ට්විටර් තහනම ඉවතට

colombotoday

බැග්ඩෑඩ් අගනුවරට බෝම්බ ප්‍රහාරයක් – 25ක් මරුට

colombotoday

ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගී ඉල්ලා අස්වෙයි

colombotoday

ආගමික සහජීවනය ගැන හොයන්න ආ ඇමරිකානුවන්ට ඉන්දියාවේ දොර වසයි… අපේ වැඩ අපි බලාගන්නම් කියා වීසා කැන්සල් කරයි

colombotoday