Colombo Today Local News

මට ගහපු එකෙක්වත් ඉතුරු වෙන්නැ කියලා මගේ කේන්දරේ තියනවා.. අනිත් අය වගේ විජයදාසත් ලගදීම ඉවරයි

ඇවන්ගාඩ් සමාගම විසින් තමාට අල්ලස් මුදල් දුන්නේ යයි විජේදාස රාජපක්ෂ හිටපු ඇමතිවරයා එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

අදාල චෝදනාවට විරුද්දව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් විජයදාස රාජපක්ෂ මහතාගේ ජනාධිපති නීතිඥ කමත් නීතිඥකමත් ගලවා දමන බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පිහිටි සමගි ජන බලවේගය මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

තමන්ට පහර දෙන එකෙක්වත් ඉතුරු නොවන බවත් තමන්ගේ කේන්දරය ඇතැයිද පැවසූ ඔහු ඉදිරියේදී විජයදාස රාජපක්ෂටත් වන්නේ එයම බව ද සඳහන් කළේය.

තමන්ට ගහපු එක් අයෙකුට මෑතක දී හෘදයාබාධයක් ඇතිවූ බවත් තවත් අයකුට දිනුවද පාර්ලිමේන්තුව ඒමට හැකියාවක් නැතිව මියගිය බවත් ඔහු පැවසීය.

Related posts

මුහුදු ගිය ධීවරයකු බෝට්ටුවෙන් වැටී අතුරුදන්

Admin

හැකිනම් අලුත් පක්ෂයක් හදා පෙන්වන්න: දුමින්ද මහින්දට අභියෝග කරයි!

colombotoday

ගුණානුස්මරණ පිංකමේදී මල් වට්ටියක් 84000 කට වෙන්දේසි වෙයි

Admin

කොළඹ වරාය නගරයේ Cryptocurrency හුවමාරු මධ්‍යස්ථාන දෙකක් පිහිටුවන්න අනුමැතිය..

Admin

කීරි සම්බා කිලෝ 50,000ක් ආනයනයට අනුමැතිය

Admin

වසර 25කට පසු පෞද්ගලික ගුවන් ගමන් සදහා කොළඹ අහස විවෘත වෙයි !

colombotoday