Colombo Today Local News

කොකේන් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගත් නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම

කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 774 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු හතළිස් හැවිරිදි නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම දඬුවම නියම කරන ලද්දේ, හතළිස් හැවිරිදි ජෝසප් ඔස්ටින් එම්මැනුවෙල් නැමැති නයිජීරියානු ජාතිකයෙක්ට ය.

2016 වසරේ ඔක්තෝබර් මස 4 වනදා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් රත්මලාන ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම විත්තිකරු අත්අඩංගුට ගැණුනි.

ඉන් අනතුරුව කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන කොකේන් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළේය.

ඒ අනුව විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කරන බව ද නඩු තීන්දුව දෙමින් විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේය.

Related posts

තලවාකැලේ – ලිඳුල නගරාධිපති අත්අඩංගුවට

colombotoday

හිටපු පොලිස් නිලධාරියෙක් ගස් බැඳ පහර දී ඝාතනය කරලා

Admin

නිරෝධායනයට යොමුකලේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගේ ලිඛිත නියෝග මතයි. – මහජන ආරක්ෂක ඇමති කරුණු පහදයි

colombotoday

හෙරොයින් ජාවාරම්කරුවෙකුට දුරකථනයක් ලබාදුන් යාපනය බන්ධනාගාරයේ නියාමකවරයෙක් අත්අඩංගුවට

Admin

බහුතරය පිළිගන්නා නව කැබිනට් මණ්ඩලයක් පත් කරන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුගෙන් ජනපතිට ලිපියක්

colombotoday

සහල්, සිමෙන්ති සහ ඖෂධ ආනයනයට පකිස්ථානයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක්

colombotoday