Colombo Today Local News

‘අපි අවහිර කළ සුද්දන්ට අපේ ඉඩම් ගන්න දැන් ඉඩදීලා’ – හිටපු ජනපති

mahinda3-640x400

”සුදු අධිරාජ්‍යවාදින්ගෙන් පසු අපේ රටේ ඉඩම් ටික විදේශිකයින්ට විකිණිම අපි ඇහිරිමට කටයුතු කළා. නමුත් අද රටේ ඉඩම් විදේශිකයින්ට මිලදී ගන්න පුළුවන්. ඇත්තටම මේ සතිය ඉතා වැදගත් සතියක්. ආප්ප කාලා අනික් පැත්තට ගිය නිසා නෙවෙයි. මේ සතියේ තමයි මහාවිරු සතිය.

ඒ කාලයේ කොටි ත්‍රස්තවාදින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල මහාවිරු සතියක් ප්‍රකාශ කරමින් සිංහල ගම්මානවලට පැනලා මිනිසුන් මරලා දැම්මා. කුඩා දරුවන් පොළවේ ගහලා මැරුවා. ගැබනි මව්වරුන් බඩ කපලා මරලා දැම්මා. එවැනි යුගයක් තමයි රටේ තිබුණේ. ඒ යුගය අපි අවසන් කළා. මහාවිර සමරුව සමරන්න අපි ඉඩ දුන්නේ නැහැ. නමුත් මේ සතියේ මහදවල් ඊලම් කොඩිය ප්‍රසිද්ධියේ එසවිමේ සුදානමක් තියෙනවා කියලා දැන ගන්නට තියෙනවා. එහෙම දෙයක් කරනවානම් රජය පොලිසිය රණවිරුවන් මැදිහත් වෙලා එය නතර කළ යුතුවෙනවා.

මේ රට ත්‍රස්තවාදින් ඉදිරියේ දණගහන යුගයක් ඇතිකරන්න ඉඩදෙන්න බැහැ. කොටි ත්‍රස්තවාදින් 410 දෙනෙකු නිදහස් කරලා තියෙනවා. ඔවුන් ඊලම බේදුම්වාදය අත්හැරලා නම් නිදහස් කිරිම ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ රට බේදන්න ඕන කියන මතවාදයක් තවමත් ඔවුන් තුළ තියෙනවා.” යැයි යක්කලමුල්ල තෙල්ලඹුර පුෂ්පාරාම විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේය.

Related posts

කතක් දැරණියගල ප‍්‍රාදේශීය සභාපතිගේ නාසය කපයි

colombotoday

ඇතැම් පාසල් වල මේ වනවිට කොවිඩ් ගැන අවධානය අඩුවෙලා.. දෙවන රැල්ලක අවදානම පහව ගොස් නැහැ

colombotoday

තව්හිද් ජමාත් සංවිධානයට සන්නද්ධ පුහුණුව ලබා දුන් ආමි මුහදීන් අත්අඩංගුවට.

colombotoday

අලුත්ම සමීක්ෂණයෙන් රනිල් එකට

Admin

ගෝඨාට එරෙහි නඩුව මුක්තිය මත ඉවත දමන්න කැලිෆෝනියා අධිකරණයට ඉල්ලීමක්

colombotoday

රට පාවා දෙන්නන්ට එරෙහිව ජීවිතය ගියත් සටන් කරනවා – ජනපති

colombotoday