Colombo Today Local Newsextremism & terrorism activities

හඳුනාගැනීමේ පෙරෙට්ටුව ගැන සාකච්ඡා කිරීමට හිජාස් හිස්බුල්ලාගේ නීතිඥයන් අයුතු උත්සාහයක් දරලා

කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ ටැප්‍රෝබේන් ආපන ශාලාවේ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා මනුෂ්‍ය ඝාතන සිදුකළ මොහොමඞ් ඉබ‍්‍රහිම් ඉන්සාබ් අහමඞ් නමැත්තාට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා බැලීමට පැමිණි ඔහුගේ නීතිඥවරුන් දෙදෙනකු එම සැකකරු ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ හඳුනාගැනීමේ පෙරෙට්ටුව සම්බන්ධයෙන් ඔහු සමඟ සාකච්ඡා කිරීමට අයුතු සහගත උත්සාහයක් දරා ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පැවැසීය.

පසුගිය 23 වැනිදා සැකකරු බැලීමට ලබාදුන් අවසරය අයුතු ලෙස ප‍්‍රයෝජනයට ගනිමින් දරා ඇති මෙම වෑයම විමර්ශන නිලධාරීන් ක්‍ෂණිකව දැක්වූ විරෝධතාව නිසා වළක්වා ගැනීමට හැකිවී ඇතත් පැමිණිල්ල වෙනුවෙන් තමන් ඒ පිළිබඳව අප‍්‍රසාදය පළ කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කියා සිටියේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අංක 3 විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රවීන්ද්‍ර විමලසිරි මහතාද, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ එම කරුණු දැක්වීම තහවුරු කරමින් පසුගිය 23 වැනිදා සැකකාර හිජාස් හිස්බුල්ලා මහතා බැලීමට පැමිණ පසුදින (24 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ හඳුනාගැනීමේ පෙරට්ටුව සම්බන්ධයෙන් සැකකරු සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ දැරූ විත්තියේ නීතිඥවරුන් දෙදෙනාගේ නම් සඳහන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.

පසුගිය 19 වැනිදා අධිකරණයෙන් ලබාගත් නොතීසි මෙම පෙරට්ටුව සඳහා කැඳවා තිබූ සිසුන් වෙත භාරදීමෙන් අනතුරුව සිදුකළ ආවේක්ෂණ රාජකාරියේදී ලැබුණු තොරතුරු අනුව හඳුනාගැනීමේ පෙරෙට්ටුවේ සාක්‍ෂිකරුවන් වෙත එක්තරා කණ්ඩායමක් විසින් විශාල වශයෙන් බලපෑම් කර ඇති බව අනාවරණය වී ඇතැයිද විමර්ශන නිලධාරීහු උසාවියට කියා සිටියහ.

සැකකරු හිජාස් හිස්බුල්ලා මහතා සභාපතිවරයා ලෙස කටයුතු කළ ඬේව් ද පර්ල්ස් සොසයිටි නමැති සංවිධානය මගින් පුත්තලම අල් සොනාරියා මද්‍රසා පාසලට යොමුකර තිබූ සිසුන් අතරින් දසදෙනකුම එම සැකකරු එම පාසලට පැමිණ අන් ආගම් හා ආගමිකයන් කෙරෙහි වෛරී සහගත හැඟීම් ඇතිවන ආකාරයෙන් දේශන හා පුහුණුවීම් පැවැත්වූ බවට ප‍්‍රකාශ ලබාදී ඇති අතර අවස්ථා කීපයකදීම එම සිසුන්ට තර්ජන එල්ල වීම නිසා ඔවුන් තම දෙපාර්තමේන්තුවට හා අදාළ පොලිස් ස්ථානවලට පැමිණිලි කළ ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට පැවැසීය.

Related posts

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් ස්ථිර සේවකයින් නොවේ – රස පරීක්ෂක දෙපාර්තමේන්තුව

colombotoday

ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ S M හාලිෆ් ආචාර්යවරයා ලිංගික අල්ලසක් නැත්නම් විභාගය අසමත් කරනවා

colombotoday

දේශීය ආදායම් සංශෝධන පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක සභාවට දැනුම්දෙයි

Admin

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද අමාත්‍ය මණ්ඩලයට

colombotoday

ශ්‍රී ලංකාව ලෝකයේ අඩුම නිෂ්පාදන පිරිවැයක් ඇති රටවල් 10 අතරට

Admin

2020 විසර්ජන පනත් කෙටුම්පත සම්මතයි

colombotoday