Colombo Today Local News

මාස 6 කට වැඩි කාලයක් සිරබාරයේ සිටින නාවික බුද්ධි විරුවන් දෙදෙනෙකුගේ ඇප ඉල්ලීම සලකා බැලීම හෙට

යහපාලන රජය යටතේ තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳව පසුගිය වසරේ දෙසැම්බර් මස දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වා කරුණු පැවසීම හේතුවෙන් හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂක ශානි අඹේසේකර සහ දැනට රටින් පැනගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි කල පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා යන අයට අගතියක් සිදුවුණා යැයි පවසමින් වින්දිතයන් හා සාක්ෂි කරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ මාස 6කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කේ. ඒ. ගාමිණි සහ එම්. ඒ. ටි මෙන්ඩිස් යන නාවික හමුදා බුද්ධි අංශයේ රණවිරුවන්ගේ ඇප ඉල්ලීම හෙට (25) අභියාචනාධිකරණයේ දී සලකා බැලීමට නියමිතව ඇත.

යුද්ධය පැවති සමයේදී සහ ඉන් අනතුරුව ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා සුවිශේෂී බුද්ධි මෙහෙයුම් රාශියක් සිදු කල මෙම රණ විරුවන් යහපාලන රජයේ රණවිරු දඩයමට ලක්වී 2018 වසරේදී මාස 6කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර ඒ පිළිබඳව මොවුන් 2019 වසරේදී මාධ්‍ය හමුවක් පවත්වා තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදුවූ බලපෑම් පිළිබඳව මාධ්‍යයට කරුණු කියන ලදි.

Related posts

දුර්ලභ කාසි අලෙවි කිරීමට උත්සාහ කළ 08ක් පැල්මඩුල්ලේදී අල්ලයි

colombotoday

සෞඛ්‍ය වෘත්තියවේදීන් අදත් වර්ජනයේ… රෝගීන් දැඩි අපහසුතාවට

colombotoday

ශ්‍රී ලංකාවේ ඇමරිකානු හමුදා කදවුරක්…? ගිවිසුම සූදානම්

colombotoday

කිරෙන් බැද්දත්,තෙලෙන් බැද්දත් කොබෙයියා රාජාලියෙකු වෙන්නේ නෑ

colombotoday

සිමෙන්ති මිල රු. 500 කින් ඉහළට

colombotoday

පවතින සහල් මිලට වැඩියෙන් මිලක් යොදා සහල් සදහා ගැසට්පත්‍රයක් ගහලා.

colombotoday