Colombo Today Local News

ක‍්‍රිකට් පාවාදීම ටොං පචයක්- සජිත්

2011 ලෝක කුසලාන තරඟය පාවා දීමකට ලක්ව ඇතැයි චෝදනාව ටොං පචයක් යයි සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

කොරෝනා හේතුවෙන්රට වැටී සිටි ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට බැරි රජය 2011 ලෝක කුසලාන තරගය දක්වා මැතිවරණ වේදිකාව ගෙන යාමට මෙම චෝදනාව එල්ල කළ බවද ඔහු සඳහන් කරයි.

2011 මෙරට වීරෝදාර ක්‍රිකට් කණ්ඩායමට මඩ නොගසන ලෙසත් අපහාස නොකරන ලෙසත් තමන් ඉල්ලා සිටින බව ඔහු පැවසීය.

එවන් චෝදනා ඇත්නම් ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ මාෂල් මහත්තයාට ගිහින් පැමිණිලි කරන්නැයි තමන් ඉල්ලන බව ද ඔහු කියා සිටියේය.

එවිට පරීක්ෂණ කර සත්‍ය හෙළි කරනු ඇතැයිද ඔහු කියා සිටියේ මහ මැතිවරණ ජන හමුවක් අමතමිනි.

Related posts

නියෝජ්‍ය ඇමතිධූර ගණන 25ට වඩා වැඩි වෙයි

Admin

දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හම්බෙන ගාණ මට හම්බෙනවද.. නෑනේ

colombotoday

ප්‍රශ්නගත සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ධූරයට චෛත්‍යවර්ධන සමිතිය හිමි නමක් පත්කරලා.

colombotoday

පෙට්‍රල් නැව අද දිවයිනට

colombotoday

ඉන්දීය අගමැතිට අගමැති මහින්දගේ ප්‍රණාමය

colombotoday

මෙරටින් වාර්ෂිකව හඳුනා ගැනෙන ළමා පිළිකා රෝගීන් ගණන 900ක්

Admin