Colombo Today Local News

සමගි ජන බලවේගයේ කිසිවෙක් ඩීල් දැමීමට සුදානමක් නෑ- හැරිසන්

එක්සත් ජාතික පක්ෂයට වඩා සමගි ජන බලවේගය ශක්තිමත් බව අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක පී.හැරිසන් මහතා පවසයි.

අනුරාධපුරයේ දී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, එක්සත් ජාතික පක්ෂයෙන් තමන් ඇතුළු පිරිස කැඩී නොගිය බවය.

තවමත් එජාප පාක්ෂිකයින් ලෙස කටයුතු කරන බව ද පැවසු ඔහු, කෘත්‍යාධිකාරී මණ්ඩලය ගනු ලැබු තීරණයක් අනුව, සමගි ජන බලවේගය නිර්මාණය කළ බවද පැවසීය.

සමගි ජන බලවේගයේ කිසිවෙක් “ඩීල්“ දැමීමට සුදානමක් නොමැති බවද පැවසු හැරිසන් මහතා, අගෝස්තු මාසයේ දී ඒ එවැනි අයට පිළිතුරු හිමිවනු ඇතැයි ද පැවසීය‍.

Related posts

එක රටක් එක නීතියක් හදන්න ජනතාව පෙළ ගැසෙයි..

colombotoday

කොටි නිලඇදුම්, කොඩියක්, බෝම්බ තොගයක් රැගෙන යමින් සිටි පිරිසක් මුලතිව්හිදී අත්අඩංගුවට

colombotoday

නාලක ගොඩහේවා FCIDයෙන් අත්අඩංගුවට ගනී

colombotoday

අශේන්ගේ ඇප කැන්සල්

Admin

රට පුරා හොර දොස්තරලා දහදාහක් !

colombotoday

අගමැතිගේ සුපිරි ඇමතිකමට උතුරත් හරස් වෙයි

colombotoday