Colombo Today Local News

රනිල්ට,සජිත්ට මොකුත් කරන්න බැහැ කියලා දන්න මංගල ගෙදර ගියේ සියළු වරප‍්‍රසාද අරගෙන

එක්සත් ජාතික පක්ෂය පසුගිය ආණ්ඩුවව කාලයේ මැති ඇමැතිකම් කරල තමන්ගේ පරමිපරා හතකට හමිබ කරගත්තු පිරිසක් සිටින බවත් තුනෙන් දෙකක ආණ්ඩුවක් හදන්න ඒ අය රජයට එක්කර ගැනිමෙි කිසිම අවශ්‍යතාවයක් නොමැති බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඔුර මහතා බලන්ගොඩදි පැවැති මාධ්‍ය හමුවකදී පැවැසිය.

එහි තවදුරටත් අදහස් දැක්වූ ජානක වක්කුඔුර මහතා මෙසේද කිිය-

එක්සත් ජාතික පක්ෂයේ හොරකමි කරපු අය එකතු කර ගන්නේ නැතිව තුනෙන් දෙකේ ආණ්ඩුවක් හදන්න අපිට පුළුවන් කමක් තිබෙනවා.ඒ නිසා ඒ හොරැ අපේ පක්ෂයට අපි එකතු කර ගන්නේ නැහැ.හොරැ නැතිව තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කෙරෙවිවෙි.

මංගල සමරවීර හිටපු ඇමතිවරයා කියනවා ⁣ එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩුනාම මෙිි රටෙි හරියට ශක්තිමත් විපක්ෂයක් හදා ගන්න බැරි වෙනවා කියලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහට සහ සජිත් ප්‍රේමදාසට දැනුම් දුන්න කියලා දේශපාලනයෙන් නොවෙයි මෙිි මැතිවරණයෙන් ඉවත් වෙනවා කියලා.එතුමා දන්නවා මෙිි දෙගොල්ලන්ටම මොකුත් කරන්න බැහැ කියලා. මංගලට ඒ ගැන තේරිලා තිබෙනවා.හැබැයි මංගල ගෙදර ගියේ වරප්‍රසාද ඔක්කොම තියාගෙන. ඒ දෙගොල්ලන්ටම යමක් කරන්න බැහැ කියලා ඒ පක්ෂ දෙකේම අය අද වෙන කොට තේරැමි ගෙන තිබෙනවා.

ඒ නිසා ඡන්දෙ දායකයින්ට කියන්නේ තවත් රැවටෙන්නෙ නැතිව පොහොට්ටුව සමග එකතු වෙන්න කියලා. ඔය ඇමැතිකම් කරල හොරකමි කරපු අයට වැඩිය එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දිපු හොද අය ගම්වල ඉන්නවා. අපි එකතු කර ගන්නවානම් ඒ වගේ අය එකතු කර ගන්නවා යැයි ජානක වක්කුඔුර මහතා වැඩිදුරටත් පැවැසිය.

Related posts

සර්ව බලධාරී දෙවියන් මැව්වේත් බොදු බල සේනා ද ? – බොදු බලය උලමාගෙන් අසයි

colombotoday

ගල්කිස්සේදී දුම්වැටි 14 000ක් සමඟ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday

කරාටේ වසන්තට මරු කැන්දූ, මදාවි පුතෙක් ඉන්නා හිටපු මැර ඇමති කවුද?

colombotoday

රට ගොඩනැගීමට නම් මූල්‍ය විනයක් අත්‍යවශ්‍යයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Admin

තොපිලට හෙන ගහනවා. මත්ද්‍රව්‍ය චෝදනා නෑ. ඝාතනය කල සහෝදරයා ගැන ඩෑන් හඩා වැටෙයි

colombotoday

රවී සටන දිනයි.. ලොතරැයි මණ්ඩලය ඇතුළු ආයතන පහක් විදෙස් අමාත්‍යාංශයට.. ගැසට් එක මෙන්න

colombotoday