Colombo Today Local News

බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලිම්වලදී මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි 429ක් අත්අඩංගුවේ

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලිම්වලදී හොරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 429 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ඊයේ (08)දින පෙරවරු 6.00 සිට අද පෙරවරු 5.00 දක්වා කාලය තුළ මෙම වැටලීම් සිදුකර ඇති බව සඳහන්ය.

ඒ අනුව හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 200 දෙනෙකු, ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 89ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව නීති විරෝධී මත්පැන් ළග තබාගෙන සිටි පුද්ගලයින් 99 දෙනෙකු ගෝඩා ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 14 දෙනෙකු, මාවා ළග තබාගෙන සිටි පුද්ගලයෙකු සහ තවත් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි

Admin

ෆේස්බුක් සමාජ ජාලා හදිසි බිද වැටීමක්

Admin

දෝස්තර ෂාෆි නිදොස්කොට නිදහස්වී, අහිංසක මව්වරුන් හිරේ යන ලකුණු… ෂාෆිව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ගෙත් වැඩ තහනම් ?

colombotoday

පාරිභෝගික අධිකාරියෙන් වැටලීම් 12000ක් – 11,016කට නඩු

colombotoday

ලොකු ලූනු කිලෝවකට රු.100ක සහතික මිලක්

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කාප්පාදුවක්

Admin