ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා මුද්‍රණය කෙරෙමින් තිබුණු දිස්ත්‍රික්ක පහක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ස්වාධීන මැතිවරණ කොමිසමේ උපදෙස් අනුව 04 වැනිදා දහවල් රජයේ මුද්‍රණාලය විසින් නතර කර ඇති බව වාර්තා වේ.
මෙසේ නතර කොට ඇත්තේ කොළඹ, කළුතර, කුරුණෑගල, මොනරාගල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක පහේ ඡන්ද පත්‍රිකා බවද වාර්තා වේ.