Colombo Today Local News

අක්කරපත්තුවේ මෙහෙයුමකින් උණ්ඩ හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

කල්මුණ කඳවුරේ විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ(02) දින අක්කරපත්තුව පොලිස් වසමේ ආලයඩිවෙම්බු කලපුවේ විශේෂ වැටලීමක් සිදු කර තිබේ.

එහිදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සඟවා තබන ලද බවට සැක කරන උණ්ඩ හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන ඇත.

ඊයේ සවස 2 ට පමණ‍ මෙම වැටලීම හමුදා බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් හා අක්කරපත්තුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සමඟ අම්පාර විශේෂ කාර්ය බලකා කඳවුරේ සෝදිසි හා බෝම්බ නිශ්ක්‍රීය කණ්ඩායම් විසින් සිදුකර තිබේ.

සොයා ගත් ද්‍රව්‍ය අක්කරපත්තු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර කරුණු වාර්තා කිරීමෙන් පසුව අධිකරණ නියෝග මත උණ්ඩ හා පුපුරණ ද්‍රව්‍ය විනාශ කිරීමට කටයුතු කර තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැත.

අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය අතර, කිලෝ ග්‍රෑම් 2 ක් වු ක්ලේ‍මෝ බෝම්බයක්, කිලෝග්‍රෑම් 3 ක් වු ක්ලේමෝ බෝම්බයක් , මිලි මීටර 81 මෝටාර් උණ්ඩ 12ක්, මිලි මීටර 60 මෝටාර් උණ්ඩ 12 ක් , RPG උණ්ඩ 3ක්‍, මිලිමීටර 81 චාජර් 2 ක්, එල්.ටී.ටී.ඊ ට්‍රැෆින් බෝම්බ 5 යි, ‍ජොනි බට්ටෝ 2 ක්, දුම් බෝම්බ 3 ක්, ෂොට් ගන් පතුරම් 2ක්, මෝටාර් ෆියුස් 2 ක්, ටයිප් 82 අත්බෝම්බ 2ක්, SFG අත්බෝම්බ 2ක්, අගස්ට් 69 අත්බෝම්බයක්, මිටර 75 ක් අත්බෝම්බයක් ද වෙයි.

Related posts

ආමාත්‍යවරු 18ක් අද දිවුරුම් දෙයි

colombotoday

ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

colombotoday

මහියංගනයේදී නිරෝධායනය ප‍්‍රතික්ෂේප කළ අයකුට අධිකරණ ක්‍රියාමාර්ග

colombotoday

සංවර්ධන ලොතරැයියේ ලක්ෂ 80 ටෙන්ඩරය රවීගෙන් ‘ඒකාබද්ධයේ‘ නුවන් නිරෝධට !

colombotoday

ඇමති විජේදාස රැකගන්න ත්‍රෛනිකායික මහ සඟරුවන පෙරට එයි.. අද විශේෂ සාකච්ඡාවක් !

colombotoday

මංගලගේ සුත්‍රයට අනුව අද ඉන්දන මිල ඉහල යයි?

colombotoday