Colombo Today Local News

දේශපාලන වාසි ලබා ගැනීමේ පහත් වැඩපිළිවෙලක නිරත වන විපක්ෂය රටවිරුවන් නොසලකා හරින බව කියයි- නිමල් ලාන්සා

රණවිරුවන්ට මෙන්ම රට විරුවන්ට නිසි ගෞරවය හා ආරක්ෂාව ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය කටයුතු කරන බව හිටපු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

විදෙස්ගතව සිටින පිරිස් නැවත ලංකාවට ගෙන්වා ගැනීමේ කටයුතු සෞඛ්‍ය උපදෙස් මත ක්‍රමාණුකූලව නිසි යාන්ත්‍රණයක් මත සිදු කෙරෙන ක්‍රියාවක් බවත්, ඒ සදහා අවශ්‍ය සෘජු මැදිහත්වීම හා උපදෙස් ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා විසින් ලබා දෙන බවද එතුමා පැවසීය.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ලෝකයේ සියළු රටවල් දැඩි පීඩණයකට පත්ව ඇති අවස්ථාවක විදෙස්ගතව සිටින පිරිස් යළි මෙරටට ගෙන්වා ගන්නා ලෙස රජයෙන් ඉල්ලීම් කර ඇත.

දැනටමත් අදියර කිහිපයක් යටතේ විදෙස් ගතවූ පිරිස් මෙරටට ගෙන්වීමට කටයුතු යොදා ඇති අතර එම පිරිස් නිරෝධායනය කොට රෝගී පිරිස් ප්‍රතිකාර සදහාත් නිරෝගී පිරිස් නිසි ආරක්ෂිත වැඩපිළිවෙලක් යටතේ ඔවුන්ගේ නිවෙස් කරා යොමු කරවීමටත් කටයුතු කර තිබෙන බව නිමල් ලාන්සා මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් විපක්ෂය අනවශ්‍ය කලබලයට පත්විය යුතු නොමැති බවද ඔහු පවසයි.

ඔවුනට අවශ්‍ය වී ඇත්තේ කොවිඩ් 19 වසංගතයෙන් රටත් ජනතාවත් ආරක්ෂා කරනවා වෙනුවට මෙම සියළු ක්‍රියාදාමයන් කඩාකප්පල් කර දමා රටත් ජනතාවත් අනාරක්ෂිත කොට සිය දේශපාලනික අවශ්‍යතා ඉටු කර ගැනීමයි.

රට විරුවන් නොසලකා හැරි ඇති බවට වැරදි මතයක් විපක්ෂය විසින් සමාජගත කර දේශපාලන වාසි ලබා ගැනීමේ පහත් වැඩපිළිවෙලක ද නිරත වෙමින් සිටින බව නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ජාතික ප්‍රශ්නයට විසඳුමක්‌ දිය හැක්‌කේ ජනාධිපති මෛත්‍රිට පමණයි – මැදගොඩ අභයතිස්‌ස හිමි

colombotoday

පයාගල වෙරළෙන් කොකේන් තොගයක් මතුවෙයි

colombotoday

ජිනීවා-ඇමරිකානු යෝජනාවට ලංකාව දැක්වූ සම අනුග්‍රහයෙන් ඉවත්වීමේ සූදානමක්…

colombotoday

කලා විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සුනිල් ආරියරත්නට

Admin

රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත් කරයි

colombotoday

බලයට පැමිණි ආණ්ඩුවට ඉඩ දෙන්න. උද්ඝෝෂණය නවත්වන්න – පැල්පොළ විපස්සි හිමි

colombotoday