Colombo Today Local News

බාල වයස්කාර සිසුවකුට ලිංගික අපයෝජන කළ ගුරුවරිය රිමාන්ඩ් – මාතලේ නිවසක රහසිගතව සඟවාගෙන ඉඳලා

බාල වයස්කාර පිරිමි ළමයෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්‍ධයෙන් හිඟුරක්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක් මේ මස 22 (හෙට) දක්වා රිමාන්ඞ් බන්‍ධනාගාර ගතකරන ලෙසට හිඟුරක්ගොඩ මහෙස්ත‍්‍රාත් සනත් නානායක්කාර මහතා නියෝග කලේය.

මෙසේ රිමාන්ඞ් බාරයට පත් කරන ලද්දේ හිඟුරක්ගොඩ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවකි. මෙම ගුරුවරිය තමන් සේවය කරන පාසලේ ඉගෙනුම ලබන බාල වයස්කාර පිරිමි දරුවෙකු මාපිය බාරකාරත්වයෙන් බැහැරව අපහරණය කර බරපතල ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි ද මෙම පිරිමි දරුවා මාතලේ ප‍්‍රදේශයට රැගෙන ගොස් රහසිගතව නිවෙසක සඟවාගෙන සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ බවද පොලීසිය සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු වාර්තා කලේය.

වින්දිත පාසල් සිසුවා අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා පොලොන්නරුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කරන ලෙස පොලීසියට නියෝග කලේය.

හිඟුරක්ගොඩ පොලීසියේ ස්ථානාධිපති, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක බුද්ධික ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති,ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්.ඒ.ඉන්දික, පො.සැ.(50467) ඩබ්ලිව්.ඞී.නන්දනසිරි යන මහත්වරුන් විසින් සැකකාර ගුරුවරිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

Related posts

සියලු ආර්ථික මධ්‍යස්ථාන අදත් තොග වෙළෙඳාමට විවෘතයි.

colombotoday

පොහොට්ටු මන්ත්‍රීවරු කළු පටි පැළැඳ පාර්ලිමේන්තුවට

colombotoday

විරෝධතාකරුවන්ට පොලීසියෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

යන්න ඉන්න වෙලාවට වැඩේ දීලා අපහු එන්න – 2014 මෛත්‍රී ගියේ මහින්ද එක්ක කතා කරලද?

colombotoday

කටු­නා­යක රොබෝ කැ‍ෆේ. ලංකාවේ ප්‍රථ­ම­ව­රට රොබෝ වේටර් සේව­යක්!

colombotoday

TNA, ජවිපෙ සමග එජාප ජාතික ආණ්ඩුවක්…

colombotoday