World

අම්ෆන් ඉන්දියාව සහ බංග්ලාදේශයේ ජිවිත 15ක් බිළි ගනියි.මිලියන 3ක් අවතැන්

ශී‍්‍ර ලංකාවේ කාලගුණයටද බලපෑම් කළ අම්ෆන් සුළිකුණාටුව ඊයේ පස්වරුවේ ඉන්දියාවේ නැගෙනහිර ප‍්‍රදේශයට හා බංග්ලාදේශයට ඇතුළුවී තිබෙනවා. මේ හේතුවෙන් ඇති වූ ආපදාවලින් පුද්ගලයින් 15 දෙනෙකු මේ වනවිටත් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සඳහන්.
අවතැන් වී ඇති සංඛ්‍යාව මිලියන 3 කට ආසන්න වන අතර ඉන් බහුතරය බංග්ලාදේශ ජාතිකයින්ය. ප‍්‍රදේශ රැසකට අධික වර්ෂාපතනයක් සහ දැඩි සුළං තත්ත්වයක්ද පවතින්නේ ජන ජීවිතය අකර්මන්‍ය කරමින්.
ඉන්දියාව සහ බංග්ලාදේශයට මෙලෙස දරුණු සුළි කුණාටුවක බලපෑම් එල්ල වුණේ කොරෝනා වෛරසයෙන්ද දැඩි බලපෑම් එල්ල වී ඇති පසුබිමකයි.

ගත වූ පැය 24 දී නව කොරෝනා ආසාදිතයින් 5,553 දෙනෙකු සමග ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන එක් ලක්‍ෂ 12,028 ක්. වාර්තා වන මරණ සංඛ්‍යාව 3,434 ක් වනවා.

බංග්ලාදේශයෙන් ගත වු පැය විසිහතරේ අලූතින් ආසාදිතයින් 1,617 ක් සමග කොරෝනා ආසාදිතයින් 26,738 ක් වාර්තා වන්නේ පුද්ගල මරණ 386 ක් ද සමගයි

Related posts

ඉන්දීය ගුවන් හමුදා ප්‍රහාරක යානයක් කඩා වැටෙයි

Admin

රුසියාවෙන් 100% සාර්ථක කොවිඩ් එන්නතක්.

colombotoday

මුස්ලිම් රටවල් 6කට ඇමරිකාව තහනම් !

colombotoday

විනෝද උද්‍යානයක රෝලර් කෝස්ටර් යන්ත්‍රයක් හදිසියේ අක්‍රීය වෙයි

Admin

යුරෝපයේ විශාලතම සේපෝසේයා න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක්

colombotoday

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් තවමත් ලෝක තර්ජනයක් – එක්සත් ජනපදය අනතුරු අඟවයි

colombotoday