World

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තලේබාන් සංවිධානයෙන් ඉල්ලීමක් කරයි

තලේබාන් සංවිධානයෙන් ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට පනවා ඇති සීමාවන් ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන තලේබාන් රජයේ ප්‍රතිපත්ති හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මේ බව පවසා තිබේ.

තලේබාන් සංවිධානය විසින් පසුගිය සතිය තුළ කාන්තාවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සහ රාජ්‍ය නොවන සංවිධානවල (NGO) සේවය කිරීම තහනම් කළේය.

සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් ආරක්ෂක කවුන්සිලය සඳහන් කර තිබෙන්නේ කාන්තා අධ්‍යාපනය සඳහා වැඩිවන සීමාවන් පිළිබඳව තමන් දැඩි ලෙස කණගාටුවට පත්වන බවයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මෙම නවතම සීමාවන් ඉවත් කළ යුතු බවට සඳහන් කර තිබේ.

කාන්තා අධ්‍යාපනය තහනම් කිරීමට එරෙහිව ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පැවති විරෝධතාවයකට සහභාගී වූ කාන්තාවන් පස් දෙනෙකු තලේබාන් සංවිධානය විසින් පසුගිය සතියේ අත්අඩංගුවට ගැනුණ අතර මාධ්‍යවේදීන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගැනුණි..

Related posts

ආගමික විශ්වාසයන් සිවිල් සමාජයට නොගැළපේ ! ප්‍රංශ අධිකරණය මුස්ලිම් කාන්තාවකගේ පුරවැසිභාවය අත්හිටුවයි

colombotoday

ට්‍රම්ප් ට යළිත් අධි චෝදනා – අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග..

Admin

අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරයි

Admin

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව ඇමරිකාවෙන් ගුවන් ප්‍රහාර

colombotoday

“ඇමරිකාවේ මුස්ලිම් පල්ලි වහාම වසා දැමිය යුතුයි” ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

colombotoday

රාහුල් ගාන්ධි පොලිස් අත්අඩංගුවට

colombotoday