Colombo Today Local News

කුරුණෑගල, තෝරයායෙන් ඉපැරණි මානව හිස්කබලක් හමුවෙයි.

කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තෝරයාය නාරම්පනාව ප්‍රදේශයේ වැසිකිළි වලක් කැපීමේදී පොළොව මට්ටමේ සිට අඩි 8 ක් පමණ ගැඹුරකදී ඉපැරැණි මිනිස් සිරුරක බවට සැක කරන පොසිලයක කොටස් හමුවී තිබේ.
                                                                                                              
නාරම්පනාවේ පදිංචි වයඹ පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාරවරයෙකු ලෙස සේවය කරන මිල්ටන් සෝමරත්න මහතාගේ නිවස පිහිටි ඉඩමේ තිබී මෙම පොසිල කොටස් හමුවී තිබේ . ඔහු මීට වසර 15 කට පමණ පෙර මෙම ඉඩම මිළදීගෙන පදිංචියට පැමිණ ඇත .
 
ෙවැසිකිළි වල අඩි තුනක් පමණ  කැනීමේදී හුනුගල් ස්ථරයක් හමුවූ බවද එය තව දුරටත් යටට කැඩීමට උත්සාහ ගත් අවස්ථාවෙිදි සුදු පැහැයෙන් යුත් දැඩි ලෙස ඝනීභවනය වීමට ලක්වූ මෙම පොසිලය දැකගත හැකිවූ බවද සෝමරත්න මහතා පැවසීය .

අඩි 7 ක් පමණ දිගින් සහ අඩි 4 ක් පමණ පළලට මේවනවිට මෙම පොසිලය දර්ශනය වන බවද එය තව දුරටත් කැණීම් කළහොත් ඊට වඩා පොළොව යටට සහ දෙපසට මෙය පැතිරී ඇතැයි විශ්වාස කරන බවද සෝමරත්න මහතා සඳහන් කළේය .
 
 මෙම පොසිලයේ වෙන්ව තිබූ කොටස් එක්රැස් කර බැලීමේදී මිනිස් කශේරුකාවට සමාන අස්ථි කොටස් පැහැදිලිව දැකගත හැකිය . එසේම මෙම අස්ථි කොටස් ඉතා බරෙන්ද යුක්තය .
 
සෝමරත්න මහතාගේ දැනුම්දීම මත හෙට (10)  පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම පොසිලය පරීක්ෂා කිරීමට පැමිණීමට නියමිතය .

Related posts

වෛරසය අඩංගු වුවද සිරුර ආදාහනයට අවසර නෑ. මරණ භූමිදානය නොකලොත් අල්ලගෙ උසාවියේ වැරදිකරුවන් වේවි. | උලමාගෙ ඉල ඇදෙන ෆත්වාව.

colombotoday

සියළු භාණ්ඩ හා සේවා මත බදු දෙකක්… ක්‍රියාත්මක වීම අද සිට

colombotoday

ගුවන්තොටුපළට ලැබුණු ඊමේල් ඔත්තුව විමර්ශයට

colombotoday

ජනවාරි 8න් පසු මුස්ලිම් ජනතාවට පුනරුදයක් උදා වුණා. රාජපක්ෂ සමයේ භීතියෙන් ඇලලී හිටියේ – මුජිබර් රහුමාන්

colombotoday

තරුණයකු දීර්ඝ කාලයක් සිර කරන්න හොඳ නෑ. සිද්ධිය වෙද්දී බීලා ඉදල තියෙනෙ. එනිසා දුමින්ද සිල්වා නිදහස් කරන්න

colombotoday

රාජිතගේ චක්ගෝලයා රූමි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ධූරයට – මිස්ටර් 10% ලෙස නමකුත් පටබැදේ

colombotoday