Colombo Today Local News

“මහමැතිවරණයෙන් පසු රජයේ සේවක වැටුප 50% කින් කප්පාදු කරනවා.” වසංගතය අස්සේ රංජිත් මද්දුම බණ්ඩාර ඡන්ද හොයයි

රජය බංකොලොත් භාවයට පත්ව සිටින නිසා එළැඹෙන මහ මැතිවරණයෙන් පසු රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුපෙන් සියයට තිහක් කප්පාදු කිරීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු හිටපු ඇමැති සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ (08දා) පැවසූ බව දිවයින පුවත්පත වාර්තා කර සිටියි.

වසර 30ක යුද්ධයක් පවතිද්දීවත් රාජ්‍ය සේවකයන්ගෙන් සතයක්වත් වැටුපෙන් අය නොකළ බවත් වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප ඉල්ලා පිංසෙන්ඩු වීම තුළින් මේ ආණ්ඩුවට තවදුරටත් ආර්ථිකය හසුරුවන්නට බැරි බව පෙනී යන බවත් මද්දුමබණ්ඩාර මහතා කීය. රජයට කොරෝනා මර්දනය සඳහා මුදල් අවශ්‍ය නම් පාර්ලිමේන්තුව කැඳවීමක් කළහොත් විපක්ෂයේ සහාය ඒ සඳහා ලබාදෙන බවත් ඒ හරහා අධිවේගී මාර්ග ඉදිකිරීම වැනි මුදල් ගසාකෑම්වලට සහයක් දිය නොහැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

Related posts

මහ ඇමතිවරු තිදෙනෙක් ආණ්ඩුවේ වාහන 132ක් ගල් කරති !

colombotoday

සතියක් තුළ රත්‍රං මිල වෙනස් වෙයි

Admin

එක පැත්තක් විතරක් නෙවෙයි.. අද රටේ හැම ක්ෂේත්‍රයක්ම කඩා වැටිලා – මල්වතු මහානාහිමි

colombotoday

අගමැති නූලෙන් බේරෙයි… ප්‍රභූ ආරක්ෂකයන් දෙදෙනෙක් රෝහලේ….

colombotoday

රජයේ සේවකයන්ගේ විදේශ සංචාර අත්හිටුවයි

colombotoday

පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්ට වාරණ නියෝගයක්

colombotoday