Colombo Today Local Newsextremism & terrorism activities

හිජාස් හිස්බුල්ලාහ්ගේ අයිතිවාසිකම් කඩ වුනැයි කියමින් නීතීඥ ගෞර සංගරී තවරාසා ශ්‍රේෂ්ඨාධිකරණයට

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර මාලාවට සම්බන්ධ බව කියමින් නීතීඥ හිජාස් හිස්බුල්ලාහ් මහතා සැකපිට අත්අඩංගුවට ගෙන රදවා ගෙන ප‍්‍රශ්න කිරීම තුළින් ඔහුගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි පවසමින් ඔහුගේ නීතීඥවරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලදී.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර මාලාවට තම සේවාදායකයාගේ කිසිදු සම්බන්ධතාවයක් නැතැයි සදහන් කරමින් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කොට ඇත්තේ හිජාස් හිස්බුල්ලාහ් මහතාගේ නීතීඥ ගෞර සංගරී තවරාසා මහත්මිය විසිනි.

නීතීඥ ගෞර සංගරී තවරාසා මහත්මිය විසින් ඉදිරිපත් කළ මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්‍ෂවරයා, රහස් පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කරුණාතිලක මහතා, නීතීපතිවරයා ඇතුළු හයදෙනෙකු නම් කර ඇත.

පසුගිය 14 වැනිදා තම සේවාදායකයා අත්අඩංගුවට ගත් බවද ඒ අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගැනීමට හේතූවක් සදහන් නොකළ බවද සදහන් කරන පෙත්සම්කාර නීතීඥ ගෞර සංගරී තවරාසා මහත්මිය කෙසේ වෙතත් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේ තම සේවාදායකයා අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර මාලාවට සම්බන්ධයෙන් යැයි සදහන් කළාය.

රහස් පොලිසියේ රදවාගෙන ප‍්‍රශ්න කරන තම සේවාදායකයා හමුවී අවශ්‍ය උපදෙස් ලබාගැනීමට ඔහුගේ නීතීඥවරන්ට සාධාරණ කාලයක් මෙතෙක් ලබා නොදුන් බව පෙන්වා දෙන පෙත්සම්කාරිය පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කුමක් සදහන් කළත් පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර මාලාවට තම සේවාදායකයාගේ කිසිදු සම්බන්ධයෙන් නැතැයිද සදහන් කළාය.

තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන රදවා ගැනීම තුළින් ඔහුගේ මුලික අයිතිවාසිකම් කඩවී ඇතැයිද ඒ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කරන්නැයිද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින පෙත්සම්කාරිය රහස් පොලිස් බාරයේ පසුවන තම සේවාදායකයා සුදුසු අධකරණයකට ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකරුවන්ට නියම කරන්නැයිද ඉල්ලා සිටින්නීය.

රහස් පොලිස් බාරයේ රදවාගෙන සිටින සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලාහ් මහතා නිදහස් කිරීමට නියම කරමින් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ඔහුගේ පියා සහ සහෝදරයා විසින් මීට පෙර අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කරන ලදී.

Related posts

ඇඳිරි නීතිය පැනවෙන වේලාව සංශෝධනය කෙරේ

colombotoday

අනියම් බිරිඳ සමග බහින්බස් වූ 71 පෙම්වතා ගිනි තබා ගනී

colombotoday

බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ඉහළට

colombotoday

රනිල්ට එරෙහිවත් අරලිගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවක්

colombotoday

ඇති තරම් තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශයට සැප වාහන 7ක් ගනී.. වියදම නම කෝටිය පනී

colombotoday

බෙදුම්වාදයට ගෝඨාගෙන් ඉඩක් නෑ – TNA – ගෝඨාභය සාකච්ඡා ඵල රහිතයි !

colombotoday