Colombo Today Local NewsCovid 19

වවුනියාව, මහකච්චකොඩිය ගම්මානය හුදකලා කරයි

කොවිඩ් – 19 වෛරසය ආසාදනයවූ අයකු වවුනියාව ,මහකච්චකොඩිය ගම්මානයෙන් වාර්තාවීමත් සමඟ එම ගම්මානය ඊයේ (27) දිනයේ සිට හුදකලා කිරීමට පියවර ගත් බව වවුනියාව දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුසේන මහතා පවසයි.

එම ගම්මානයට ඇතුල්වන සියලු මාර්ග මාර්ග බාධක යොදා දින 14 කාලයක් අවහිරකර ආරක්ෂක අංශ හා පොලිසිය යෙදවීමටද කටයුතු කළ බවත් එම ගම්මානයේ පුද්ගලයින්ගේ ඇඳිරිනීති බලපත්‍ර සියල්ල අවලංගු කිරීමට පියවර ගත් බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා පැමිණි වවුනියාව , මහකච්චකොඩිය ප්‍රදේශයේ නාවික හමුදා සෙබලෙකු හට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරුවීමත් සමඟ ඊයේ දිනයේ වවුනියාව දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කොරෝනා වෛරස මර්ධන කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබේ.

වවුනියාව නාවික හමුදා සෙබලා හට කොවිඩ් 19 වෛරසය ඇතිදැයි පරීක්ෂා කිරිමට පී.සී.ආර් පරීක්ෂණය සඳහා වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් පිරිසක් නාවික හමුදා භටයා රැදී සිටින නිවසටගොස් ජෛව සාම්පල ලබාගැනීම ඉකුත්දා (25) සවස සිදුකළ අතර එහි වාර්තාව පෙරේදා(26) ලැබී තිබුණි.

පරීක්ෂණයට යොමුකළ නාවික හමුදා සෙබලා පසුගිය 22 වැනිදා වැලිසර නාවික හමුදා කඳවුරෙන් නිවාඩු ලබා පැමිණ ඇති අතර ඔහු සංචාරය කළ ස්ථාන අනුව මෙම තීරණය ගෙන ඇති අතර ඔහු හා සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් දින 21 කාලයක් නිරෝධායනයට ලක්කල බව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පැවසීය.

මහකච්චකොඩිය ගම්මානය සඳහා ඇතුළුවීමට අවසර ඇත්තේ සෞඛ්‍ය සේවා සහ අත්‍යවශ්‍ය සේවා පමණක් වන අතර ඔවුන්ද විෂබීජහරණයට ලක්කොට ඇතුළුවීමට හා පිටවීමට කටයුතු සලස්වා ඇති බවද වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

බෞද්ධ විහාරස්ථාන ඉවත් කරන්න ඉල්ලා TNA මඩකලපුව ගිනි තබන්න යයි !

colombotoday

ඇමති දයා ලන්ඩනයේදී රනිල් හමුවෙයි

colombotoday

ලබන වසරේ පැය 10ක විදුලි කප්පාදුවක් සිදුවන බවට කරන ප්‍රකාශ අසත්‍යයි – ඇමති කංචන

Admin

එජාප අපේක්ෂකත්වය සජිත්ට. රනිල් එකඟ වේ. පැනවූ කොන්දේසි මෙන්න

colombotoday

ලාබෙට කාර්, සිහිනයක් පමණයි… වැට් බද්දෙන් වාහන මිළ ලොකු ගණන්වලින් ඉහළටම

colombotoday

සෞදියේදී වෙඩිතබා ඝාතනය කළ ගාල්ලේ ප‍්‍රියන්තාගේ දේහය මෙරටට

colombotoday