Colombo Today Local News

පසුගිය මාස කිහිපයට ඇමැතිට හොරෙන් ලං.වි.ම. බිලියන ගණන් ණය අරන්

ලංකා විදුලිබල මණ්ඩලය විෂය භාර ඇමැතිවරයාගේ අනුමැතියකින් තොරව පසුගිය මාස කිහිපයේ දී රුපියල් මිලියන දස දහසකට (10000) අධික ණය මුදලක් රාජ්‍ය බැංකුවලින් ලබා ගෙන ඇති බව වාර්තා වෙයි.

රාජ්‍ය ආයතන මෙවැනි ණය මුදල් ලබා ගැනීමට පෙර විෂය භාර ඇමැතිවරයාගෙන් අනුමැතිය ලබා ගත යුතු වුවද ලංකා විදුලිබල මණ්ඩලය අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත පමණක් ණය ලබා ගෙන තිබේ. මේ පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ඇමැති මහින්ද අමරවීර ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත්ට දැනුම් දී ඇත. මෙවැනි ණය මුදලක් ලබා ගැනීම පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ද ඇමැතිවරයා දැනුවත් කර තිබේ.

Related posts

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් – විදෙස් ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තරුණයෙකු රෝහලේ

Admin

“අවුරුදු දෙක ඉවරයි.. ආණ්ඩුවත් ඉවරයි“ – ඩිලාන්

colombotoday

“යුනිෆෝම් ගහගෙන නැමෙන්න එපා” අවුරුද්දට වදින්න ගිය STF සෙබළාට ජනපති කියයි

colombotoday

“ඒකාබද්ධ විපක්ෂයේ” 6ක් ආණ්ඩුවට.. ඇමති ධුරත් සූදානම්!

colombotoday

5 ශිෂ්‍යත්වයෙන් ලංකාවම දිනූ හපන්නු මෙන්න

colombotoday

රංජන් රාමනායක 20 තෙක් රිමාන්ඩ්

colombotoday