Colombo Today Local NewsCovid 19

වයඹ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුරුණෑගල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේදී මේවනවිට හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන් පදංචිව සිටින සහ ඔවුන් ගැවසී ඇතැයි සැක කෙරෙන ප්‍රදේශ ආශ්‍රිතව වෙසෙන ජනතාවට ප්‍රවේශමෙන් සහ අවධානයෙන් කටයුතු කරන ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

පසුගිය 23 සහ 25 දෙදින තුළ හඳුනාගෙන සිටින වෛරසය ආසාදනය වූවන් 10 දෙනෙකුම නාවික හමුදාවේ සහ යුද හමුදාවේ සාමාජිකයින් සහ ඔවුන්ට සම්බන්ධ පවුල්වල සාමාජිකයින් බවද වෛද්‍ය ෆරීඩ් මහතා සඳහන් කළේය.

අනෙක් පිරිස වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන නිවාඩු ලබා පැමිණි අයවලුන් වන අතර ඔවුන් වාරියපොළ බණ්ඩාර කොස්වත්ත , වාරියපොළ කනත්තේවැව , අලව්ව මහාරච්චිමුල්ල , පොල්ගහවෙල උඩවෙල සහ පොල්ගහවෙල ගිජිඳාගම පදිංචිකරුවන් වෙති.

මොවුන්ට අමතරව මහව නාගොල්ලාගම පදිංචි තවත් නාවික හමුදා සාමාජිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේවනවිට අනුරාධපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

මෙම ආරක්ෂක අංශ සාමාජිකයින් තමන් පදිංචි ප්‍රදේශයන්හි ඇති වෙළඳසැල් , බැංකු ශාඛා , බැංකු ඒටීඑම් පද්ධති , සමූපකාර , සතොස , ඉන්ධන පිරවුම්හල් , සැලුන් , රාජ්‍ය ආයතන ඇතුළු විවිධ ස්ථාන වලට තම අවශ්‍යතා සඳහා ගොස් තිබෙන බව අනාවරණය වී ඇති බැවින් මෙම ප්‍රදේශ වල පිහිටි ප්‍රසිද්ධ ස්ථාන වල ගැවසීමෙන් වළකින ලෙසට වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියා සිටියි .

Related posts

රන්ජන් රාමනායක අත්අඩංගුවට ! අසභ්‍ය දර්ශන සහ අනවසර ගිනි අවියකුත් අල්ලයි…

colombotoday

ශ්‍රී ලංකාවේ ණයවර ලිපි ජාත්‍යන්තරය පිළිනොගනී

Admin

බලපත්‍ර නැති බස් රථ සොයා දීපව්‍යාප්ත වැටලීම්

Admin

“රොබරිපාලලා අලුත් රටක් හදන්න ඇවිත් දින විස්සෙන් මහ බැංකුව කැඩුවා..” ජනපති ඉදිරියේ විමල් කියයි (VIDEO)

colombotoday

ඤාණසාර හිමියන්ගේ සිරගෙදර ජීවිතය ගැන පොලිස් පරීක්ෂක රංගජීව තැබූ සංවේදී සටහන….

colombotoday

මෙරටින් හඳුනාගත් ඔමික්‍රෝන් ආසාදිතයාගේ, ආශ්‍රිතයින් හඳුනාගැනීමට තවදුරටත් පරීක්ෂණ

colombotoday