Colombo Today Local News

”පැරණි පාර්ලිමේන්තුව කැඳවන්නේම නෑ” – ජනපති. “කැඳවන්නත් එපා” – නාහිමිවරුන්ට

තමාට විශිෂ්ට ජනවරමක් දෙමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටු කිරීමේ දී ශක්තිමත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාව අවධාරණය කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අභිනව පාර්ලිමේන්තුවක් කැඳවීම විනා පැරණි පාර්ලිමේන්තුව කැඳවීමේ බලයක් ව්‍යවස්ථානුකූලව තමාට නොමැති බව කියා සිටියි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, කොරෝනා වෛරසය මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ සහ වත්මන් තත්ත්වය පිළිබඳව ත්‍රෛනිකායික මහා සංඝරත්නය දැනුවත් කරමින් ඊයේ (අප්‍රේල් 24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ජාවේ දීය.

පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවා රට උභතෝකෝටික තත්ත්වයකට පත් නොකළ යුතු බවත්, පරණ පාර්ලිමේන්තුව නොකැඳවීම මහා සංඝරත්නයේ ඒකමතික තීරණය බවත් මහා සංඝරත්නය එහිදී අවධාරණය කර සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.

පැවති පාර්ලිමේන්තුව රටේ වත්මන් මූල්‍ය අර්බුදයට වගකිවයුතු බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ එහිදී පවසා තිබේ.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් මහානායක හිමිවරු සහ අනුනායක හිමිවරු ඇතුළු ස්වාමීන් වහන්සේලා කිහිප නමක්ම එම අවස්ථාවට වැඩම කර ඇත.

Related posts

‘මුස්ලිම් පල්ලියට ඌරෝ අරන්‍ යන්නෙ නෑ..’ – ඉරාජ් සමග විමල් (Video)

colombotoday

විදෙස් සංචාරකයින්ට සිදුවන හිරිහැර ගැන සංචාරක සංවර්ධන අධිකාරියේ අවධානය

Admin

විමල්ගේ ප්‍රතිපත්තියට සජිත්ගෙන් පැසසුම්

colombotoday

අමාත්‍යංශ කිහිපයක විෂය පථ සංශෝධනය කරමින් ගැසට්ටුවක්

Admin

දෙමළ ජාතිවාදී අභාලාෂ සහ නව ව්‍යවස්ථාව

colombotoday

මුලතිව් විනිසුරුට සාධාරණය ඉල්ලා නීතීඥයෝ පාරට

Admin