මංගල උත්සව ඇතුළු සියලුම උත්සව අවස්ථා සඳහා අවසර ලබා දෙන්නේ දින 28 ක් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවුනහොත් පමණක් බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් සඳහන් කර සිටියා.
මැයි මාසයේ විවාහ වෙන අය 10 දෙනෙකුට අඩු ප්‍රමාණයක් සහභාගී කරගෙන එය සිදුකරන ලෙසත් හැකිනම් ප්‍රදේශයේ පොලිස් ස්ථානය දැනුවත් කර එය සිදු කරන ලෙසත් අජිත් රෝහණ මහතා අවධාරණය කර සිටියා.