Colombo Today Local NewsTop Stories

අවදානම බැහැර වී නෑ. මහා මැතිවරණය කල් දමන්න – බොදු බල සේනා රජයට කියයි

මොනම හේතුවක් මතවත් මෙම අවස්ථාවේදී මහ මැතිවරණය පැවැත්වීම නොකළ යුතු බව බොදු බල සේනා සංවිධානය පවසනවා.

පාර්ලිමේන්තුවක් නොමැතිව රට ගෙන යෑම අපහසු උවත් මැතිවරණයක් පැවැත්වීම සඳහා මේ සුදුසු අවස්ථාව නොවන බවත් ආණ්ඩුවේ ඇතැම් පාර්ශවවලට මැතිවරණය පැවැත්වීමේ උවමනාවක් පැවතුන ද ඒ සඳහා ජනතාව සුදානම් නොවන බවත් අද (20) රාජගිරියේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසුහ.

රට වෛරස වසංගතයෙන් වෙලාගෙන තිබෙද්දී එය පාලනය කිරීමේ යාන්ත්‍රනය ඉතා හොඳින් ක්‍රියාත්මක වෙමින් පවතින බව පැවසු ඥානසාර හිමියෝ රටේ ප්‍රජාත්‍රන්ත්‍රවාදී නිදහස අගය කරන බවත් විවස්තා ප්‍රශ්න තිබෙනවානම් එය සාකච්ඡා කර විසඳා ගත යුතු බවත් විවස්තා තිබිය යුත්තේ ජනතාවගේ යහපත පිණිස බවත් පැවසූහ.

බලයෙන් උන්මත්තක නොවී කරුණාකර රටේ වෛද්‍ය විශේෂඥ උපදේශයට අනුව මේ මැතිවරණය කල් දමා රටේ ජනතාව සීරුවෙන් තබා රටක් ලෙස කැපවී ක්‍රියා කලයුතු බව උන්වහන්සේ පැවසූහ.

Related posts

ශී‍්‍ර ලංකාවෙන් ගෙනගිය කෞතුක වස්තු ඉල්ලා බි‍්‍රතාන්‍යයට නඩු දමයි

colombotoday

සැඟව සිටි නම ගිය අපරාධකරුවක් බෝම්බයකුත් සමග පොලිස් දැලේ

colombotoday

ඌව පළාතේ සිසුන් 200ට අඩු සියලු පාසල් විවෘත කිරීමට සැලසුම්

colombotoday

සෙරප්පු අඩියේ සුරුට්ටු 70ක් සඟවාගෙන අතුලට පනින්න ගිය රැදවියෙක් මාට්ටු

Admin

නව වසරේ දින 9ක් තුළ ඩෙංගු රෝගීන් 247 ක්

colombotoday

රන්ජන්ගේ අඩුවට අජිත් මානප්පෙරුම දිවුරුම් දෙයි

colombotoday