Colombo Today Local News

මහ මැතිවරණය කොටස් වශයෙන්

රට තුළ පවතින කොරෝනා වෛරස රෝගය පාලනයවී ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තව මාස කිහිපයක් ගතවියහැකි බැවින් පාර්ලිමේන්තු මහ මැතිවරණය කොටස් කිහිපයකට ප‍්‍රාදේශීය මට්ටමින් පැවැත්වීමේ යෝජනාවක් දේශපාලන පක්ෂ කිහිපයකින් සහ විද්වත් පිරිසකගෙන් ඉදිරිපත්වී ඇත.

මෙය මැතිවරණ කොමිසමට ඉදිරිපත්කර සියලූ පක්ෂවල එකඟතාව මත ක‍්‍රියාත්මක කිරීම කෙරෙහි ද අවධානය යොමුවී තිබේ.

පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට මැතිවරණ කොමිසම ද හෙට:20දාෆ රැුස්වීමට නියමිතයග නාමයෝජනා කැඳවීමෙන් පසු පළමුවරට පවත්වන මෙම රැුස්වීමේදී මෙම යෝජනාව කෙරෙහි අවධානය යොමුකරවීමටද අදාල පක්ෂ බලාපොරෝත්තුවේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 8වැනි පාර්ලිමේන්තුුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මාර්තු මස 02වැනිදා විසුරුවාහැර අපේ‍්‍රල් මස 25වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට පියවර ගනු ලැබීය නමුත් පවතින කොරෝනා වෛරස රෝග තත්ත්වය හමුවේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා විසින් නාමයෝජනා බාරගැනීමෙන් පසු මහ මැතිවරණය පවත්වන දිනය කල්තබනු ලැබීය.

හෙට රැුස්වන මැතිවරණ කොමිසම මැතිවරණය පවත්වන දිනය පවත්වන දිනය සම්බන්ධව සහ ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතාවිසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත එවා ඇති ලිපිය සම්බන්ධවද විශේෂ අවධානයක් යොමුකරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් දිවයින ඉරිදා සංග‍්‍රහයට පැවසිය.

DIvaina

Related posts

නියෝජ්‍ය ඇමති රන්ජන්ට වැඩ වරදින ලකුණු…

colombotoday

ඉන්ධන මිල ඉහළ දමන යෝජනාව යළිත් බලශක්ති ඇමැති අතට

colombotoday

අධික වේගයෙන් ආ මෝටර් රථය බොක්කුවේ – 19 හැවිරිදි තරුණයෙක් මරු දකී.

colombotoday

ආනයනික බදු අඩු කිරීමෙන් ඉන්දියානු අල වෙළදපොළ ආක්‍රමණය කරයි.. දේශීය අල ගොවියා හාන්සියි

colombotoday

සා.පෙළ විභාගය අද ඇරඹෙයි

colombotoday

“අවසන් දිනය අදයි.. සේවයට නාවොත් වරායට නව සේවකයන්“ – වරාය ඇමති දන්වයි

colombotoday