Colombo Today Local News

ඊයේ හඳුනාගත් ජාඇල සුදුවැල්ල කොරෝනා ආසාදිත 5 දෙනා තැන තැන ඇවිදලා.

ඔලූවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 28 දෙනාගෙන් පස් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (10) රාත්‍රීයේ තහවුරු වී ඇති බව ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පැවසීය.

ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීමත් සමඟ ඔහු ඇසුරු කළ පිරිසට ස්වයං නිරෝධායනය වීමට  උපදෙස් ලබාදී තිබුණද එය කඩකර නිවෙස් වලින් බැහැරව සිටි පිරිසක් බස්නාහිර පළාත් නාවික බුද්ධි අංශ නිලධාරින්  විසින් පසුගියදා සොයා ගනු ලැබූ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා කීය.

මෙසේ කොරෝනා ආසදනය වූ 28 දෙනා අතර සිටි එක් පුද්ගයෙකුගේ බිරිඳකටද කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

වෛද්‍ය පරීක්ෂණ වලින් පසු ඇයටද කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට ඊයේ (10) රාත්‍රීයේ තහවුරු වූ බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කීය.

ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයා සහ නාවික හමුදා බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන ඔලූවිල් නිනෝධායන මධ්‍යස්ථාන වෙත යෙමුකළ පිරිස මත්ද්‍රව්‍ය වලට ඇබිබැහිවූවන් බවත් මොවුන් තැනින් තැන සැරිසරා ඇති බවත් ජාඇල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 13 දෙනෙකු වාර්තා වී අතර ඉන් 4 දෙනෙකු කාන්තාවන් බව ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි

Related posts

ත්‍රිමලේ වරාය ඉන්දියාවට දුන්නොත් ජාතික ආරක්ෂාවට අනතුරක් – ආරක්ෂක ප්‍රධානීන් අනතුරු අගවති

colombotoday

පාර්ලිමේන්තු අධි ආරක්ෂිත කලාපය වීඩියෝ ගතකළ තරුණයින් දෙදෙනෙක් මාට්ටු

Admin

ඉඩම් ආරවුලකට කතක් ඝාතනය කරයි

Admin

සතොස වැඩබැලූ සාමන්‍යධිකාරීවරයකුට එරෙහි අල්ලස් නඩුවකට සාක්කි දෙන්න රවීට සිතාසි

colombotoday

නාවික හමුදාවට ඉන්දියාවෙන් අධිතාක්ෂණ නැවක්

colombotoday

ගල් ප්‍රහාරයකින් පොල්පිතිගම පුද්ගලෙයෙක් මරුට

colombotoday