World

ආවේ නැත්නම් මිනීමැරුම් නඩු පවරනවා. තබ්ලික් ජමාත් නිරෝදායනයට ඉන්දීය පොලිසිය උත්සාහයක.

කොරෝනා වෛරසයෙන් යමෙකු මිය ගියහොත් තබ්ලික් ජමාත් සාමාජිකයින් 64 දෙනෙකුට එරෙහිව මිනීමැරුම් නඩු පවරන බවට ඉන්දියාවේ උත්තර්කන්ඩ් පොලිස් අධ්‍යක්ෂ ජනරාල් අනතුරු ඇඟවීමෙන් පසුව, තබ්ලිගි ජමාත් අනුගාමිකයින් 64 දෙනෙකු නිරෝධායනයට ඉදිරිපත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම 64 දෙනා ඉන්දියාවේ කොරෝනා වෛරසය ව්‍යාප්ත කල බවට චෝදනා එල්ලවූ ආන්දෝලනාත්මක තබ්ලික් ජමාත් සමුළුවට හෝ වෙනත් තැන්වල සමුළු සඳහා සහභාගී වීපැමිණී පුද්ගලයින් වන අතර ඔවුන්ව නිරෝදායනයට යොමු කිරීම සඳහා එරට ආරක්ෂක අංශවලට සහ සෞඛ්‍ය අංශවලට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ.

උත්තර්කන්ඩ් ප්‍රදේශයෙහි පසුගිය දින 4 තුළ වෛරස් ආසාදිතයින් 7 සිට 31 දක්වා ඉහළ ගොස් තිබේ. මුළු 31 දෙනාගෙන් 24 දෙනෙකුම දිල්ලියේ ආගමික සමුළුවට සහභාගී වූ තබ්ලික් ජමාත් අනුගාමිකයන් ලෙස හඳුනාගෙන තිබේ.

Related posts

Muslim Brotherhood සාමාජිකයින් 24කට මරණ දඩුවම.

colombotoday

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයෝ කැනඩාවත් හොල්ලයි.. මෝටර් රථයකින් හප්පා, පිහියෙන් ඇන පලා යයි !

colombotoday

ඊයේ ලොව වැඩිම කොරෝනා මරණ ඉන්දියාවෙන්

colombotoday

ජීවයට සුදුසු තවත් ලොවක්

Admin

ඉන්දියාවෙන් ලංකාවට පන්නන්න ගිය ගංජා කිලෝ 2090ක් මාට්ටු

Admin

ත්‍රාසජනක පිම්ම වැරදී යතුරුපැදි ශූරයෙක් මරු දකියි

colombotoday