Colombo Today Local NewsCovid 19

අකුරණ තෙළඹුගහවත්ත ගම්මානයටත් ඇතුල්වීම පිටවීම තහනම්

මධ්‍යම පළාතේ පළමු වන කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයා මහනුවර අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමු වීමෙන් එම ගම්මානය ඇතුළුව අකුරණ තෙළඹුගහවත්ත සහ අවට ප්‍රදේශ සම්පූර්ණයෙන්ම වසා තිබේ.

මධ්‍යම පළාතේ පළමුවන කොරෝනා ආසාදිත පුද්ගලයා ඊයේ (28දා) හමු වීමෙන් පසුව ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ එක්ව එම තෙළඹුගහවත්ත ගම්මානය සහ අවට ප්‍රදේශ සම්පූර්ණයෙන් වසා තිබේ. වෛරසය ආසාදිත පුද්ගලයාගේ පවුලේ ඥාතීන් සහ අසල්වාසීන්ද නිරෝධායනට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම ගම්මානය තුළට සහ අවට කිසිදු වාහනයකට ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන අතර ආරක්ෂක අංශ මගින් ප්‍රදේශයේ ආරක්ෂාව ද තර කර තිබේ. අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමුවූ කොවිඩ් 19 ආසාදිත පුද්ගලයා ඇසුරු කළ පුද්ගලයින්ද සොයා පොලීසිය සහ සෞඛ්‍ය අංශ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

Related posts

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වහාම මෙරටට කැදවයි.. අද යළි දිවයිනට !

colombotoday

මේ ආණ්ඩුව ඇවිත් මාස දෙකෙන් භාණ්ඩාගාරය කොල්ල කෑවා – ජනපති මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කියයි

colombotoday

මොසම් වැසි තවදුරටත්… බෙංගාල බොක්ක හරහා සුළි කුණාටුවක්

colombotoday

නවසීලන්තයෙත් රජයට එරෙහිව විරෝධතා

colombotoday

ආණ්ඩුව කරන්නේ වෙන කට්ටියක්.. බලාපොරොත්තු කඩ වීම නිසා ඇමති හරීන් දුකෙන් !

colombotoday

අදත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

Admin