Colombo Today Local News

රණවිරු සුනිල් රත්නායකට සමාවදීම ගැන ක්ෂමා සංවිධානයේ කනගාටුව

යුද හමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක මහතාට, ජනාධිපති සමාව ලබාදීමට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය සමාජයට ලබා දෙන්නේ ඉතා කණගාටුදායක පණිවුඩයක් යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.

ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් පිළිබඳව වගවීම ඇත්තේ ඉතා අල්ප වශයෙන් බවත්, එබැවින් මෙවැනි බැරෑරුම් අපරාධයකට නීතිය හමුවේ වරදකරු වූවෙකුට සමාව දීමෙන් කියවෙන්නේ, ඒ හා සමාන ඕනෑම වරදක් කළ අයෙකු නීතිය හමුවේ වරදකරු වුව ද ඔහුට සමාව ලැබෙන බවක් යැයි ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ බිරාජ් පට්නේක් මහතා කියා සිටී.

එම සංවිධානය සඳහන් කර සිටින්නේ ජනාධිපතිවරයා  විසින් ජනපතිවරණ සමයේ පැවසු ආකාරයට, මෙවැනි තීරණ ඉදිරියටත් ගැනීමේ හැකියාව පිළිබඳව, දැඩි අවධානය යොමුව ඇති බවය.

කොරෝනා වයිරසය වැනි තත්ත්වයක් උපයෝගි කරගෙන මෙවැනි වරදකරුවෙකුට සමාව දීම, පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කර තිබේ.

වසර 2000දී සිදුවූ සමූහ ඝාතනයකට 2015 වසරේදී යුක්තිය ඉටු වුවත් අත්තනෝමතික විධායක තීරණයක් තුළින් යුක්තිය ආපසු හැරවීම නින්දා සහගත බව ද ක්ෂමා සංවිධාන නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

Related posts

මෝටර් රථයක් පාලමක් අසලින් ගඟට පෙරළෙයි

Admin

පොලිස් ස්ථානාධිපතිවරුන් 22ක ගේ නිල මුද්‍රා ඇතුළු නිල මුද්‍රා 75ක් හොරට හදලා

colombotoday

යුද හමුදා මේජර් ජෙනරාල්වරයා අත්අඩංගුවට

colombotoday

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය, ත්‍රීමලේ තෙල් ටැංකි විකුණා දමන කැබිනට් පත්‍රිකාව සූදානම් !

colombotoday

ජනපතිගේ මානසික වෛද්‍ය වාර්තාවක් ඉල්ලා පෙත්සමක් ගොනු කරයි ‌

colombotoday

විදුලිය ගාස්තු ඉහළ දැමීම ගැන අද පාර්ලිමේන්තුවේදී විවාදයක්..

colombotoday