Colombo Today Local NewsCovid 19featured

අවදානම නොසලකමින් හොරොව්පොතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ දේව මෙහෙය පවත්වයි. පල්ලියේ සභාපති ඇතුළු 17 ක් අත්අඩංගුවට

පවතින ඇඳිරිනීතිය සහ අවදානම් තත්ත්වය නොසලකමින් (27) සිකුරාදා දේව මෙහෙයකට සහභාගීවු හොරොව්පොතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ සභාපතිවරයා ඇතුළු 17 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හොරොව්පොතාන පොලිසිය කියයි.
 
හොරොව්පොතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ හැත්තෑවකට ආසන්න පිරිසක් අද (27) දහවල් දේව මෙහෙයක නිරතව සිටින බවට හොරොව්පොතාන පොලිසියට තොරතුරු ලැබී තිබිණ.
 
ඒ අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජෙයරත්න, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් ආර්. සෙන්තිල් මහතා ඇතුළු නිලධාරීන් වහාම එම ස්ථානයට ගොස් තිබේ.
 
නිලධාරීන් එම ස්ථානයට පැමිණිමත් සමඟ දේව මෙහෙයේ යෙදී සිටි පනහකට ආසන්න පිරිසක් එම ස්ථානයෙන් පැනගොස් ඇති අතර දාහත් දෙනෙකු පමණක් එම ස්ථානයේ රැඳී සිට ඇත. පොලිසිය පවසන්නේ පැන ගිය පිරිසගේ පාවහන් ජෝඩු පනහක් එම ස්ථානයේ තිබී සොයාගත් බවය.
 
පල්ලියෙ සභාපතිවරයා ඇතුළු රැඳී සිටි දාහත් දෙනාගෙන් මේ වන විට පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර පැනගිය අනෙකුත් පනස් දෙනා සම්බන්ධයෙන් පොලිසිය සහ සෞඛ්‍ය නිලධාරීන් විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
 
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජයරත්න මහතාගේ උපදෙස් අනුව හොරොව්පොතාන මහ පල්ලියෙ සභාපති ඒ.එම්.සියාම් මහතා ඒ මොහොතේම එම ස්ථානයට ගෙන් වා අදාල පල්ලියේ දොරවල් වසා දැමීමට මේ වන විට කටයුතු කර ඇත.

Related posts

ලොකුම හෙරොයින් තොගය ගෙනා මහමොළකරුවන් හෙලිවෙයි…

colombotoday

එළඹෙන උත්සව සමයේ රට වැසීම ගැන අමාත්‍ය රමේෂ් පතිරණගෙන් ප්‍රකාශයක්

colombotoday

කොරෝනා පැණිය හදපු ධම්මික බණ්ඩාර අල්ලන්න පරීක්ෂණ.

colombotoday

අපේ හඬ යටපත් කරන්න කිසිවකුට බැහැ – ඥානසාර හිමි

colombotoday

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දුම්රිය මැදිරි 20ක්

colombotoday

තෙල්දෙණිය සිද්ධිය ගැන ජනපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙස්

colombotoday