කොරෝනා වයිරසය ආසාදනය වී කොළඹ අයි.ඩි.එච් රෝහලට ඇතුලත් කළ පුද්ගලයෙකුගේ 88 හැවිරිදි මවට, 51 හැවිරිදි බිරිඳට සහ 23 හැවිරිදි දියණියටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ජාඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පැවසීය.
මෙම පුද්ගලයා පෙබරවාරි මාසයේ ඉතාලියේ සිට පැමිණ ඇති බවද ඒ මහතා කීය.
ජාඇල කපාලකන්ද ප්‍රදේශයේ පදිංචි 64 හැවිරදි පුද්ගලයෙකුද කොරෝනා වයිරසය ආසාදනය වී කොළඹ අයි.ඩි.එච් රෝහලට ඇතුලත් කර ඇති බව ජාඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පැවසීය.
මෙම පුද්ගලයා ඉතාලියේ සිට පැමිණි පිරිසක් සමඟ ඇසුරු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව ඒ මහතා පැවසීය.
කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සියලු දෙනාම ප‍්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩි.එච් රෝහලට ඇතුලත් කර ඇති බවත් ඔවුන්ගේ පවුල් වල සමාජිකයන් දෛනික පරීක්ෂාවට ලක් කරන බවත් ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසීය.