BusinessColombo Today Local News

හෙට දිනය තුල වාණිජ බැංකු අවම වශයෙන් පැය 2 ක් විවෘත කර තබන්න. මහ බැංකුවෙන් උපදෙස්

හෙට දිනය තුල පොලිස් ඇදිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල පිහිටි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභි විශේෂිත බැංකු ශාකා අවම වශයෙන් පැය 2 ක් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අදාල බැංකුවලින් ඉල්ලීමක් කරයි.

මහජනතාවට අත්‍යවශය බැංකු සේවා සැපයීම වෙනුවෙන් මෙම කාලය තුල බැංකු විවෘතව තබන ලෙසයි මහ බැංකුව ඉල්ලා ඇත්තේ.

කෙසේවෙතත් හැකි සෑම අවස්ථාවකම ගෙවීම් ඇතුලු බැංකු කටයුතු සඳහා අන්තර්ජාල සේවා භාවිත කරන ලෙසත් මුදල් ගැනීම සඳහා තදබදය අඩු ස්ථානවල පිහිටි ඒ ටී එම් යන්ත්‍ර භාවිත කරන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම් දෙයි.

සේවා ලබා ගැනිම සහ ලබා දීමේදී සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙස ද මහ බැංකුව සියලු පාර්ශව වලින් ඉල්ලා සිටී

Related posts

පාතාල කල්ලි සාමාජිකයෙකුට අනුබල දුන් චීවරධාරියෙකු අත්අඩංගුවට

Admin

පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් සමග හිටපු කොටි නායකයෙක් අත්අඩංගුවට

colombotoday

කළුගඟේ පාලම් පාරුවක් පෙරලෙයි. එක් අයෙක් අතුරුදන්

colombotoday

හෙරොයින් කිලෝ 45ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday

රවීගේ ඇමති ආරක්ෂකයෝ පාසල් ආරක්ෂාවට යවනවලු

colombotoday

වටදාගෙය අසළ පුරා විද්‍යා භූමියේ පස් අලෙවි කරති

colombotoday